නවතම පුවත්

නීති විද්‍යාලයේ මුස්ලිම් සිසු බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක්

අසංක

අසංක

රටේ යම්කිසි ජනකොට්ඨාශයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් සහ ‍ව්‍යාප්තවාදය මුල්වීමෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේදී කෙටි කලක් තුළ මුස්ලිම් ශිෂ්‍ය බඳවාගැනීම්වල අසාමාන්‍ය වර්ධනයක් සිදුවූ බව හෙළිවෙයි.

එවැනි අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ මේ බව අනාවරණය කළේ ය.

2003 වසර් පැවැති 2.4 ක් වූ මුස්ලිම් ශිෂ්‍ය අනුපාතය 2012 වසර වන විට 25.24 දක්වා අසාමාන්‍ය ලෙස වර්ධනය විය.

රාජ්‍ය බුද්ධි සේවයට වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත්තේ 2003 වසරේදී නීති විද්‍යාලයට ඇතුලත්කරගෙන තිබුනේ මුස්ලිම් සිසුන් 05 දෙනෙක් බවත් 2012 වසරේදී එම සංඛ්‍යාව 78 ක් වී ඇති බවයි.

එම තත්වයට හේතුව අධිකරණ අමාත්‍යාංශයේ ගැටළුවක් බව ඔහු කොමිසමට පෙන්වා දුන්නේය.

ඒ සම්බන්දයෙන් වගකිව යුතු අංශ එකල දැනුවත් කළ බව පැවසූ අවස්ථාවේදී කොමිසම ඔහුගෙන් විමසා සිටියේ එසේ මුස්ලිම් සිසුන් වැඩිවීමට හේතුව කුමක්දැයි කියාය.

ව්‍යාප්තවාදය රටේ සහ රටේ යම් කිසි ජනකොට්ඨාශයක් සුළුතරය බහුතරය සමග කරන අරගලයක් මෙයට මුල්වී ඇති බවත් ඊට මුහුණ දිය යුත්තේ බුද්ධියෙන් බවද නිලන්ත ජයවර්ධන මහතා වැඩදුරටත් කොමිසමට පෙන්වා දුනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්