නවතම පුවත්

දිගන සිද්ධියෙන් පස්සේ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ අනතුරු අඟවලා

අසංක

අසංක

මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානමක් ඇතැයි රාජ්‍ය බුද්ධි සේවය විසින් දිගන ප්‍රදේශයේ 2018 වසරේ ඇතිවුණු කලහාකාරී සිදුවීමෙන් පසු බලධාරීන් දැනුවත්කර ඇතැයි පාස්කු කොමිසම හමුවේ අද (29) හෙළිවිය.

ඒ සදහා ඔවුන් බෝතල්වලට පැට්රල් දමා බෝම්බ පවා සකස් කළ බවත් අනතුර වටහාගත් බැවින් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට දැනුම් දුන් බව ඒ සම්බන්ධ‍යෙන් එවකට සිටි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

ගැටුම් වැඩිවන විට සහරාන් ශක්තිමත් වූ බව ඔහු කොමිසමට පැවැසීය.

‍දිගන සිදුවීමත් අලුත්ගම සිදුවීමත් සහරාන්ට ඔවුන්ගේ පැත්තට මානසිකව පුද්ගලයින් නම්මා ගැනීමට පහසුවක් වූ බවත හෙතෙම පෙන්වා දුනි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?