නවතම පුවත්

ඡන්දෙ වෙනුවෙන් අද සිට රට පුරා ජංගම පොලිස් ආරක්ෂාවක්

අසංක

අසංක

මැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් අද (03) සිට රටපුරා විශේෂ ජංගම ආරක්ෂක මුර සේවයක් ක්‍රියාත්මක කෙරේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා සදහන් කළේ මැතිවරණ නීතිය උල්ලංඝනය කරන්නන්ට මැතිවරණය අවසන් වන තුරු කිසිදු සමාවක් නොලැබෙන බවයි.

ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.

ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් විය.

මැතිවරණයට අදාල පැමිණිලි 357 ක් පොලීසියට ලැබී තිබුණු බවද ජාලිය සේනාරත්න මහතා සදහන් කළේය.

ඒ අතර මැතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 93 ක් ඇති බවත් එම පැමිණිලිවලට අදාලව අත්අඩංගුවට ගැනීම් 440 ක් සිදුව ඇති බවත් ඒ අය අතර අපේක්ෂකයන් 07 දෙනෙක් සිටින බවත් ඔහු පැවැසීය.

රථවාහන 124 ක් මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

එම වාහන වලින් 03 ක් රජයේ වාහන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා වැඩිදුරටත් කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්