BREAKING NEWSක්‍රීඩා

Share now!

ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා ඉන්දීය මදුරාසී මහාධිකරණය වෙත පෙත්සමක් ගොනු කර ඇත.

විරාට් කෝලී අන්තර්ජාලය ඔස්සේ සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්. චෙන්නායි ප‍්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අන්තර්ජාල සූදූ සමාගම් විරාට් කෝලි වැනි සුපිරි කි‍්‍රඩකයින් යොදා ගෙන සූදූ කි‍්‍රඩාව ප‍්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරත බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

මෙම සූදූ කි‍්‍රඩාව සඳහා ජංගම දුරකථන යෙදවුමක්ද හදුන්වා දී ඇති අතර එමගින් තරුණ ප‍්‍රජාව ඊට ඇබ්බැහි කර වීමක් සිදු වන බව චෙන්නායි නීතිඥවරයා සිය පෙත්සම මගින් දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment