නවතම පුවත්

බේරූට් වරායේ පිපිරීමේ වගකීම ගනිමින් ලෙබන් රජය ඉල්ලා අස්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලෙබනනයේ අගනුවර වරායේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් මෙන්ම රජයේ දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව අගමැති හසන් ඩයබ් ප්‍රමුඛ රජය වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනා හමුවේ ලෙබනන රජය ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මයිකල් අවුන් සඳුදා ඩයබ්ගේ ඉල්ලා අස්වීම පිළිගත් අතර, නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන තුරු භාරකාරත්වයේ රැඳී සිටින ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

බේරූට් වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමෙන් පුද්ගලයින් 200ක් පමණ මියගොස් තවත් 6,000ක් පමණ තුවාල ලබා තිබුණු අතර, මේ සමග රටේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත විය. එහිදී රජයට එරෙහි උද්ඝෝෂණ හා විරෝධතා උත්සන්න වූ අතර, පුද්ගලයන් 728ක් තුවාල ලැබූ අතර, එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්විය.

“මම අද ප්‍රකාශ කරන්නේ මේ ආණ්ඩුවේ ඉල්ලා අස්වීමයි. දෙවියන් වහන්සේ ලෙබනනය ආරක්ෂා කරත්වා” ඩයබ් අවසාන වාක්‍යය තුන් වතාවක් පුනරුච්චාරණය කළේය.

මේ අතර ලෙබනනය පිපිරීමෙන් ඇති වූ ව්‍යසනය මෙන්ම නව කොරෝනා වසංගතය හමුවේද දැවැන්ත අභියෝගයකට මුහුණදී සිටින අතර, රෝහල්වල් විනාශ වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීමේ අර්බුදයකටද මුහුණ දී සිටියි.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි