නවතම පුවත්

මහින්දෙ ද – රිච්මන්ඩ් ද? පොලිසිය කළබලයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රමේෂ් වරල්ලෙගම

මහින්ද රිච්මන්ඩ් විද්‍යාලයීය මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවැත්වෙන රථ පෙළපාලි සදහා සීමා පනවමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය ක්‍රියාත්මක ලබා දී තිබුණේ ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එම්.පී.පී අරුණලාල් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමට අනුවය.

අධිකරණ නියෝගය පිළිපැදීමට සියල්ලෝම බැදී සිටිති. ඊට ගරු කිරීම සියලුදෙනාගේ යුතුකමය. එම නියෝගයට ගරු කරමින් මහින්ද රිච්මන්ඩ් දෙවිදුහල්ම කටයුතු කිරීමත් ප්‍රශංශනීයයය.

නමුත් පොලිසියක් හෝ රටක් නීතිය සියලු දෙනාටම සමානවන අයුරින් රට පුරා ක්‍රියාත්මක කරන්නේ නම් එය තවත් වටී. කොටින්ම කියතොත් මහා ක්‍රිකට් තරග පැවැත්වෙන කාලයට රථ පෙළපාලි යෑම සිදුවන්නේ ගාල්ලේ පමණක් නොවේ.

කොළඹ ආනන්ද-නාලන්දා, රාජකීය-ශාන්ත තෝමස්, තර්ස්ටන් ඉසිපතන, මහානාම-ඩීඒස්, පමණක් නොව, මහනුවර, මාතර, කුරුණෑගල, යාපනය, මඩකළපුව, ගම්පහ ඇතුළු තවත් පළාත් බොහොමයක සෑම විදුහලකම මහා ක්‍රිකට් තරග සදහා මෙවැනි රථ පෙළපාලි පැවැත්වේ.

එවැනි මහා ක්‍රිකට් තරග බොහොමයක් දැන් පැවැත්වී අවසන්ය. කොළඹ මහ දවාලේ එවැනි රථ පෙළපාලි පැවැත්විණි.

මහජන පීඩාවම ගැන සිතා මෙවැනි තීන්දුවකට ගාල්ල පොලිසිය එළඹුනායැයි සිතමු. අපි හැමෝම ඊට කැමැතිය. යතුරු පැදි නැවැත්වුයේ අනතුරු අවම කිරීමට නම් ඊටත් එකග විය හැකිය. නමුත් ගාල්ලෙ ප්‍රධාන පාසල් ද්විත්වයට රථ පෙළපාලියෙන් ගාල්ල නගරයට හරහා යාමටවත් නොහැකි ලෙස මෙම සම්ප්‍රදායන් ලඝුවීම කොතරම් දුරට සාධාරණදැයි විමසා බැලිය යුතුය.

ගැටලුව ඇත්තේ සීමා පැමිණවීම නොව ගාල්ල නගරය හරහාවත් ගමන් කිරීමට ඉඩ නොදීමට ගාල්ල පොලිසිය කළ ඉල්ලීමය.

අනෙක් අතට කොළඹ මෙන් ගාල්ලේ කාන්තා පාසල්වලට පැන උසුලු විසුලු කොට අත්අඩංගුවට පත්වීමේ සම්ප්‍රදායක්ද නැත. මහින්ද රිච්මන්ඩ් මහා තරගය සදහා කාන්තා බාලිකාවන්ගේ සහය උපරිමමෙන් තිබේ.

මීට වසර කිහිපයකට පෙර මහින්ද රිච්මන්ඩ් මහා ක්‍රිකට් තරගයට මහා රංචු පිටින් පොලිසිය යොමු කිරීමේ අවසන් ප්‍රථිපලය වුයේ පොලිසිය හා ගැටුම් උත්සන්න වීමය. දේශපලාන බලපුළුවන්කාරකම් පෙන්වීමට කළ එවැනි අමන වැඩ නිසා මහින්ද රිච්මන්ඩ් සංහිදියාව බිද වැටුණු බව දන්නෝ දනිති.

අවසානයේ මහා ක්‍රිකට් තරගය නොපෙනෙන තරමට පිටිය වටේට පොලිසිය හා හමුදාවය. නමුත් පසුගිය අවුරුදුවල ජයග්‍රහණයද පරාජයද විද දරාගැනීමට මහින්ද -රිච්මන්ඩ් දෙවිදුහල්වල සිසුන්ට මෙන්ම ආදි සිසුන්ට හැකිවුහ.

ඊට හේතුවුයේ මහා ක්‍රිකට් තරග සම්ප්‍රදායට ගරු කරමින් දෙවිදුහල්හිම ආදි සිසුන් පිටිය වටේ රාජකාරි කරමින් යම් නොසන්සුන්තාවක් වුයේ නම් එය පාලනය කිරීමයි. පොලිසිය පැමිණ සිටියා වුවද එය මහා යුද්ධයකට යන පිරිසක් මෙන් නොවීය.

තර්ස්ටන් ඉසිපතන තරගය, රාජකීය – ශාන්ත තෝමස් තරගය වැනි ප්‍රධාන පෙළේ මහා ක්‍රිකට් තරගවල මෙවර තරග ජයග්‍රහණ වාර්තාකරමින් නිමාව දුටුවේය. නමුත් ගැටුම් ඇතිවුයේ නැත. හෙට ඇරඹෙන මහින්ද -රිච්මන්ඩ් 114 වැනි මහා ක්‍රිකට් තරගයේද ඒවැනි ප්‍රඵිපලයක් ලැබීමට ඉඩ ඇත.

නමුත් ජයග්‍රහණය කළද පරාජය වුවද මහින්ද -රිච්මන්ඩ් ආදරවන්තයන්ගේ සටනේ අවසානයේ ඉතිරිවිය යුත්තේ ආදරවන්තයින්ය. පොලිසියට නොතේරෙන බොහෝ දේ වසර සිය ගණන් පැරණි ලාංකේය ඉතිහාසයේ හැරවුම් ලකුණු කළ මහින්ද -රිච්මන්ඩ් දෙවිදුහල් අනන්‍යතාව ඉදිරියේ ලියැවී ඇති බව අප සිහි තබා ගත යුතුය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?