නවතම පුවත්

කොළඹ ඉඩම් අල්ලන සංවිධානාත්මක ජාවාරමක්

අසංක

අසංක

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිතව ඇති ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගැනීම් සහ ව්‍යාජ ඔප්පු සකස්කර එම ඉඩම්වලට හිමිකම් කියන සංවිධානාත්මක අපරාධකරුවන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශයක් පිහිටුවා තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් මත මේ වනවිටත් එවැනි ඉඩම් අත්පත්කර ගැනීම් සම්බන්ධයෙන් වූ විමර්ශන කිහිපයක් ක්‍රියාත්මක ය.

පොලිස් අධිකාරීවරයෙකුගේ අධික්ෂණයෙන් එම විශේෂ අංශය ක්‍රියාත්මක වේ.

සංවිධානාත්මක අපරාධකරුවන් හා ඒ සම්බන්ධ පිරිස් මෙන්ම සමාජයේ ඉහළ තැන්වල සිටින පුද්ගලයින්ද මෙම ජාවාරම පිටුපස සිටින බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙය සංවිධානාත්මක ජාවාරමක් බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් කීය.

83 ජූලි කලබල සමයේදී කොළඹ පිහිටි තම නිවෙස් අතහැර විදෙස්ගතවූ පුද්ගලයින්ගේ සහ හුදෙකලාව ජීවත්වන වයස්ගත පුද්ගලයින්ගේ කොළඹ පිහිටි දේපොල මෙම සංවිධානාත්මක ජාවාරම්කරුවන්ගේ ඉලක්ක වී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්