නවතම පුවත්

අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට ජනපතිගෙන් සැලසුම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ අතර සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමින් ඊයේ  (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති අතර

මෙහිදි ජනාධිපතිවරයා විසින් මෙවර අමාත්‍යංශ ව්‍යුහය සකස් වී ඇති අකාරය පැහැදිලි කරමින් කියා සිටියේ  අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය මෙසේ සකස් වී ඇති බවයි.

තවද ද බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු පැමිණ සිටි ව්‍යවසායකයන්ට පැහැදිළි කරනු ලැබීය.
කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බවත් ජනාධිපතිවරයා සදහන් කලේය.

ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් වේ.
බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන් අතර එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කලේය.

“සළුසළ” වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් සදහන් කලේය.

මේ අවස්ථාව සදහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු හා බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්