නවතම පුවත්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල – සංගක්කාර ඩිලන්ත යුධ හමුදාපති ඇතුළු ප්‍රවීණයක් රැසක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.

හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ,මෝටර් රථ ධාවන ශ්‍රර ඩිලන්ත මාලගමුව ,යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පිහිණුම් ශුර ජුලියන් බෝලිංද ඒ අතර වෙයි.

ක්‍රීඩාවේ පවතින ගැටලු නිරාකරණය කිරිමට ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදිම වෙනුවෙන් සමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පත් කර තිබේ.‍ෙ

රොවේනා සමරසිංහ මිය සංජීව වික්‍රමනායක මහතා  ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික

යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා  සුපුන් වීරසිංහ මහතා කස්තුරි විල්සන් මිය රුවන් කෑරගල මහතා  රාජිත අම්පෙමොහොට්ටි මහතා රොහාන් ප්‍රනාන්දු මහතා ඩිලන්ත මාලගමුව මහතා අමල් එදිරිසූරිය මහතා යන අයද කමිටු සමාජිකයින් ලෙස පත් කර තිබේ.

ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතියේ ක්‍රීඩා ප්‍රමිතිය හා ඒ ආශ්‍රිත යටිතල පහසුකම් නඟා සිටුවිය හැකි ආකාරය පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම අභිනව ජාතික ක්‍රීඩා සභාවේ කාර්‍යභාරයන් අතර වේ.

තවද ක්‍රීඩා අමාත්‍යතුමාගේ නියමය පරිදි නව ක්‍රීඩා පනතක් හා ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම, ඉලක්කගත ජයග්‍රහණ සදහා සැලසුම් සකස් කිරීම, ක්‍රීඩකයින් වෘත්තීමය තත්වයකට නන්වාලීම උදෙසා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ජාතික සංචිත තේරීමේදී අමාත්‍යතුමා හට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම, පාසල් ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව පාසල් ක්‍රීඩා නැංවීමේ සැලැස්මක් සකස් කිරීම, ක්‍රීඩාවේ පාරිශුද්ධභාවය සහ විනිවිදභාවය සුරැකෙන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම, නව ප්‍රවණතාවන් හා ඊ-ස්පෝර්ට්ස් වැනි නව අංශ හරහා ක්‍රීඩා ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු සම්පාදනය කිරීම යන කරුණු මුලික කර ගත් විශේෂ වැඩසටහන් සදහා මග පෙන්වීමද ජාතික ක්‍රීඩා සභාවේ වගකීම් අතර වේ.

නාමිකව උපදෙස් පමණක් ලබා දෙන ක්‍රීඩා සභාවක් වෙනුවට වඩාත් ශක්තිමත් කාර්‍යශූර, ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී ප්‍රතිපල හා ජයග්‍රහණයන් අත්කරදීම උදෙසා, ක්‍රියාකාරී බලතල සහිත ජාතික ක්‍රීඩා සභාවක් ලෙස අභිනව පත් කළ ජාතික ක්‍රීඩා සභාවට කටයුතු කළ හැකි බව ගරු අමාත්‍යතුමා විසින් පෙන්වා දෙන ලදි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී