නවතම පුවත්

හිටපු බුද්ධි ප්‍රධානියා මෛත්‍රී රකිනවද?

අසංක

අසංක

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලදි තමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රකින බවට ඇතැමුන් චෝදනා කරන නමුත් කිසිවෙකු රැකිමට තමාට අවශ්‍ය නැතැයි රාජ්‍ය බුද්ධි සේවය සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ජනාධිපති කොමිසම හමුවේ පවසා තිබේ.

ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අතර සිදුව තිබු දුරකතන සංවාද පිළිබද ජනාධිපති කොමිසම ප්‍රශ්න කළ අවස්ථාවේදි හෙතෙම මේ බව කීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි ලබා දුන්නේ ඊයේ 17 වන දිනටයි.

එහිදී විදෙස් බුද්ධි අංශයක් විසින් 2019 අප්‍රේල් මස 04 වන දින ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කළ පසු ප්‍රහාරය එල්ලවීමට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති දුරකතන සංවාද පිළිබද විශේෂ දත්ත වාර්තාවක් ඔස්සේ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේය.

තමන් විසින් අදාළ ඇමතුම් ලබාගන්නා ලද්දේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට වන අතර එහි ඇති දුරකතන ඇමතුම් පරික්ෂා කිරීමේ එකකය විසින් ඇතැම් අවස්ථාවලදි පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කරදුන් බවට ජයවර්ධන මහතා පිළිතුරු ලබාදුනි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යළි ප්‍රශ්න කළේ ජනාධිපතිවරයාගේ නිල නිවසින් ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් අයෙකු ඔබට ඇමතුම් ලබාගන්නේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් අය තමන්ට ඇමතුම් ගෙන සම්බන්ධ කරගැනීමට නොහැකි වු විට ජනාධිපතිවරයාගේ නිල නිවස හරහා තමන් සම්බන්ධ කර ගැනීමට උත්සහ දරන බවයි.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 04 වන දින විදෙස් බුද්ධි අංශයකින් ප්‍රහාරයක් පිළිබද පුර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසු සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදි ඔබ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණය වන පසුබිමක ප්‍රහාරය පිළිබද පුර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේද යන්නයි.

එම ප්‍රශ්නයට නැත යන පිළිතුර ලබාදුන් ජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ අප්‍රේල් 04 දින Whatsapp පණිවුඩයක් තුළින් ලැබුණු පළමු පුර්ව දැනුවත් කිරීම මුලික තොරතුරක් පමණක් වු බැවින් ඒ පිළිබද ජනාධිපතිවරයා දැනුවත් නොකළ බවයි.

එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මස 07 වන දින ඒ පිළිබද ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළ බවයි.

එසේම යම් හෙයකින් ඉකුත් වසරේ අප්‍රේල් මස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වුයේ නම් පුර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබද තමන්ට ජනාධිපතිවරයා දැනුවත් කිරීමේ හැකියාවක් තිබු බවද ජයවර්ධන මහතා කියා සිටියා.

එසේම සාක්ෂිදීම අවසානයේ නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ ” මම කාවවත් රකිනවා නෙමේ ස්වාමිනි ” යනුවෙන්.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා ප්‍රතිචාර දැක්වුවේ, “අපි ඔබ කිසිවෙක් රකිනවා යැයි ප්‍රකාශ කළේ නැහැනේ” කියායි.

සභාපති විනිසුරුවරයාගේ එම ප්‍රකාශය හමුවේ “සමහරු කියනවා” යනුවෙන් ජයවර්ධන මහතා පිළිතුරු දුනි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි