නවතම පුවත්

“සමෘද්ධිලාභීන් සවිබල ගැන්වුවත් ප්‍රතිලාභ නතර කරන්නෙ නෑ”

අසංක

අසංක

සමෘද්ධි සහනාධාරලාභීන් සවිබල ගැන්වූ පිරිසක් බවට පත් කළ පසුව ද ඔවුන්ට එම ව්‍යාපාරය තුළින් ලැබෙන ප්‍රතිලාභ කිසිවක් අහිමි නොකරන බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සමෘද්ධිලාභීන් ලක්ෂ 18කට ආසන්නව සිටී.

ඔවුන් සවිබල ගැන්වීම රජයේ අපේක්ෂාව බවත්, ඒ සඳහා සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ කරමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරුන් සමග අද (28) බත්තරමුල්ලේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සමෘද්ධි අධ්‍යක්ෂවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?