නවතම පුවත්

සපුගස්කන්දෙන් හමුවූ කුඩු කිලෝ 23 හිමිකරු පොලිස් කොස්තාපල්වරයෙක්

අසංක

අසංක

කොළඹ අපරාධ කොට්ඨාශයයේ පොලිස් නිලධාරියෙක් විසින් කළ මත්කුඩු ජාවාරමක් අනාවරණයකර ගත් විශේෂ පොලිස් කණ්ඩායමක් රුපියල් කෝටි 23 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 23 ක් සමග එම පොලිස් නිලධාරියාගේ සහෝදරයාව අද (02)අත්අඩංගුවට ගෙන තිබේ.

සපුගස්කන්දේ පිහිටි වඩුමඩුවක තිබුණු බෆල් දෙකක් තුළ ඉතා සූක්ෂම ආකාරයට මෙම හෙරොයින් තොගය සගවා තිබී ඇත.

එම වඩුමඩුව කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් නිලධාරියාගේ සහෝදරයාට අයත් එකක් බවත් ප්‍රශ්න කිරීම් හමුවේ එම සහෝදරයා පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවයේ නිරතව සිටින සිය සහෝදරයා විසින් මෙම හෙරොයින් තොගය එහි සගවා තිබුණු බවකි.

මෙයට වඩා විශාල ප්‍රමාණයක් හෙරොයින් මෙහි සගවා තිබී ඇති අතර විටෙන් විට සහෝදරයා විසින් එම හොරොයින් රැගෙන ගොස් ඇති බවද අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින එම නිලධාරියා පොලිස් කොස්තාපල්වරයෙකි. අද උදෑසන ඔහු යම් අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීමට රෝහලට යන බව ඉහළ නිලධාරීන්ට දැනුම් දී පිටව ගොස් ඇති බවත් මෙතෙක් ඔහුව සොයා ගැනීමට නොහැකිව සිටින බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. එම නිලධාරියා වසර 10 ක පමණ සේවා කාලයක් ඇති අයෙක් බවත් සියඹලාන්ඩුවේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

සිය සහෝදරයාට සපුගස්කන්දෙන් වඩු මඩුවක් සකස්කර දී ඇත්තේද එම නිලධාරියා විසින් බවට තොරතුරුද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

කැලණිය කොට්ඨාහයභාර ජෙයෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ඩයස් මහතාගේ මෙහෙයැවීමෙන් ක්‍රියාත්මක විශේෂ පොලිස් කණ්ඩායමක් හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙක් රදවා ගැනීමේ නියෝගයකින් රදවාගෙන කළ ප්‍රශ්න කිරීම් හමුවේදී මෙම වඩු මඩුව සම්බන්ධයෙන් තොරතුරු හෙලීවී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්