Corona Live Updateවිදෙස්

Share now!

ලොව නව කොරෝනා වයිරස් ආසාදිතයින් දෙවන වැඩිම සංඛ්‍යාවක් වාර්තා කළ රට බවට පත්වෙමින් ඉන්දියාව බ්‍රසීලය අභිබවා ගොස් ඇත.

ගෙවුණු පැය 24 තුළ නව කොරෝනා රෝගීන් 90,802 ක් සහ මරණ 1,016 ක් වාර්තා කරමින් ඉන්දියාවේ කෝවිඩ් ආසාදිත අගය ලක්ෂ 42 ඉක්මවා ඇත.

මේ වනවිට එරට සක්‍රීය කොරෝනා රෝගීන් 8,82,542 ක්, සුව කළ / නිදහස් කරන ලද / සංක්‍රමණය වූ සහ මරණ 71,642 ක් ඇතුළුව වාර්තා වූ මුළු කොවිඩ්-19 සිද්ධි 42,04,614 කි.

සැප්තැම්බර් 6 වන දින දක්වා පරීක්ෂා කරන ලද මුළු සාම්පල සංඛ්‍යාව 4,95,51,507 කි.

ඒ ඊයේ පරීක්ෂා කරන ලද සාම්පල 7,20,362 ක් ද ඇතුළුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment