Corona Live Updateවිදෙස්

Share now!

අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තිය යළිත් වරක් උත්සන්න වී ඇති බව එරට සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත.

මේ වනවිට , එරට ප්‍රාන්ත 50 න් 22 කම නව ආසාදිතයන් වාර්තා වීම ඉහළයමින් ඇති බව එම සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත.

මේ වනවිට ජනාකීර්ණ බවින් අඩු බටහිර සහ දකුණු දිග ප්‍රදේශවලින් පවා නව ආසාදිතයන් වාර්තා වීම ඉහළගොස් තිබීම බරපතල ගැටළුවක් ව ඇති බව එම සෞඛ්‍ය අංශ ඇමෙරිකානු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ශීත කාලයේදී ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ශීත කාලගුණය එළැඹීමට පෙර කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට අමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහූ විශාල උත්සාහයක නිරතවෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment