නවතම පුවත්

ඉන්දියාවේ ප්‍රමුඛතම HCL සමාගමේ පළමු මෙරට සංවර්ධන මධ්‍යස්ථානය විවෘත වෙයි

අසංක

අසංක

ඉන්දියාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්‍ෂණ සමාගමක් වන hcl ටෙක්නොලජීස් සමාගම මෙරට ආයෝජනය කිරීමට ඉදිරිපත්ව ඇත.

ඒ අනුව එම HCL සමාගමට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංවර්ධන මධ්‍යස්ථානය අන්තර්ජාලය හරහා පසුගියදා විවෘත කෙරින.

උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහාභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාද මෙම අවස්ථාවට විශේෂ අමුත්තකු වශයෙන් සහභාගී විය.

ගෝලීය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන HCL සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල නිරත වීම ශ්‍රී ලංකාවට මහත් ශක්තියක් වන බවද එමගින් ශ්‍රී ලාංකික තරුණ පරපුරට සැලකිය යුතු අවස්ථාවන් උදා වන බවද අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ HCL සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු වල නිරත වීම රැකියා ජනනය සහ දැනුම සහ කුසලතා ලබා දීම තුළින් තරුණ පරපුර සවිබල ගැන්වීම උපකාරී වන බවයි.

විවෘත කිරීමේ උත්සවයේදී පහන් දැල්වීම තුළින් නව අදහස් ඇති ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ දක්ෂතා සහ හැකියාවන් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආලෝකමත් වීම සංකේතවත් වන බව ඔහු සඳහන් කළේය.

ඉන්දියාව සිය ශක්‍යතාවයන් සියලු මිතුරන් සහ සහකරුවන් සමඟ බෙදා ගන්නා බවද කලාපයේ ප්‍රගතිය සහ සෞභාග්‍යය උදෙසා ශ්‍රී ලංකාව සමඟ තිබෙන පුළුල් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි