නවතම පුවත්

අම්පාර දිස්ත්‍රික්කයේ නාවික හමුදාව ඉදිකල ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පුලාවල මහා විහාරයේ ඉදිකල තවත් ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ජනතා අයිතියට පත් කිරීම 2020 සැප්තැම්බර් 07  වන දින සිදු කරන ලදි.

ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලිම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සහ නාවික හමුදා තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදි. ඒ අනුව, මෙම ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවය සෞඛ්‍යාරක්‍ෂිතව ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම ගිණිකොණ නාවික විධානයේ විධාන ඉංජිනේරු නිලධාරී විසින් සිදු කල අතර, මෙම අවස්ථාව සඳහා මහඔය පුලාවල මහා විහාරයේ ගරුතර ස්වාමීන්වහන්සේලා, මහඔය ප්‍රාදේශිය ලේකම්, නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගි වී සිටියහ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි