Corona Live Updateවිදෙස්

Share now!

මියන්මාරයට මායිම්ව පිහිටි චීනයේ රුයිලි නගරයේදී කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් දෙදෙනෙකු සොයාගැනීමත් සමග එම ගම්මානය අගුලු දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.

චීන මාධ්‍ය පෙන්වාදෙන පරිදි මෙම ආසාදිතයන් දෙදෙනා මියන්මාරයේ සිට නීතිවිරෝධී ලෙස චිනයට ඇතුළු වී ඇති අතර, ඔවුන් තවත් පස් දෙනෙකු සමග රෝහලක නිරෝධායනයට ලක්කර තිබේ. එමෙන්ම ඔවුන්ට සමීප සම්බන්ධතා ඇති තවත් 190 දෙනෙකුද නිරෝධායනයට යොමුකර ඇත.

ඒ අනුව රුයිලි හි නගරබද අගුලුදමා ඇති අතර, සියලු නිවැසියන් න්‍යෂ්ටික අම්ල පරීක්ෂාව ආරම්භ කර ඇති බවද චීන මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

රට තුළ කොරෝනා වෛරසය අවසන් කළද, අසල්වැසි රාජ්‍යයන්හි වෛරසය වේගයෙන් පැතිරෙන විට වඩාත් වැඩි අවධානයක් හා ආරක්ෂිත පියවර පිළිබඳ කල්තියා සූදානම්ව සිටීමේ වැදගත්කමද මෙහි කියැවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment