BREAKING NEWSක්‍රීඩා

Share now!

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචාරය යළි අවිනිශ්චිත වී තිබෙනවා.  ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා ඇති කොන්දේසිවලට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ නොවීම හේතුවෙන්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ මේ මස 27 වැනිදායි. එදින සිට දින 14 ක් නිරෝධායනයට ලක් වුවහොත් ඔක්තෝම්බර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට සූදානම් වීමට ඉතිරි වන්නේ සතියක පමණ කාලයක් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති  නස්මුල් හසන් ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment