BREAKING NEWS

Share now!

මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර රත්මලාන ගුවන්තොටුපලින් කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට සංචාරක අමාත්‍යංශය තීරණය කර ඇත.

ඊට අදාල අවසන් සාකච්ජා දැනටමත් ආරම්භවී ඇති බවද වාර්තාවේ .

රත්මලාන ගුවන්තොටුපල තුල ජාත්‍යාන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට්යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලූ‍ම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙ

ඒ අනුව රත්මලාන ගුවන් තොටුපළට ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය සඳහන් කර සිටී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment