BREAKING NEWSක්‍රීඩා

Share now!

පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොවන ක්‍රීඩා ඉසව් , මෙරට පාසල් තුල තවදුරටත් තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොරෝනා අවදානම මෙරටින් පහව ගොස් නොමැති බැවින් එම තීරණය ගෙන ඇති බව අමාත්යංශය සඳහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, තනිව සිදු කරන ක්‍රීඩා හෝ ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වන ක්‍රීඩා ඉසව් පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බවය

කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන නමුත් පුද්ගල දුරස්ථභාවය උපරිම කාලයක් ඇති කර ගත හැකි ක්‍රීඩා ඉසව් ද සෞඛ්‍ය උපදෙස්වලට අනුව සංවිධානය කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වර්ගීකරණයට අනුව කණ්ඩායම් වශයෙන් සිදු කරන නමුත් හැකිතරම් පුද්ගල දුරස්ථභාවය සහිත ක්‍රීඩා ඉසව් සංවිධානයට ද අවස්ථාව ලබා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කර ඇත

අමාත්‍යාංශය සඳහන් කළේ, පුද්ගල දුරස්ථාභාවය තබා ගැනීමට හැකියාවක් නොමැති ක්‍රීඩා ඉසව් සංවිධානයට කිසිදු අවසරයක් ලබා දී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment