නවතම පුවත්

ඊළම ඉල්ලා තිලීපන් සැමරූ ශිවාජිලිංගම් අත්අඩංගුවට

අසංක

අසංක

එල්ටීටීඊය වෙනුවෙන් උපවාසයක් කර මිය ගිය තිලීපන් සැමරුමක් සංවිධාන කළ දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම් කේ ශිවාජිලිංගම් මහතා යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෝපායි ප්‍රදේශයේ තිලීපන්ගෙ ගම්මානය පිහිටි ප්‍රදේශයේ ඔහු විසින් තිලීපන් සමරා පහන් දල්වා එම සැමරුම කර ඇත්තේ “අපගේ අවසාන අභිප්‍රාය ඊලම” යනුවෙන් සඳහන් පුවරුවක් ද ප්‍රදර්ශනය කරමිනි.

මෙම සැමරුම අද උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබී ඇත්තේ යාපනය නල්ලූර්හි දීය.

එය පැවැත් වීම වළක්වමින් පොලිසිය අධිකරණ නියෝගයක් පවා ලබාගෙන තිබුණි.

එම අධිකරණ නියෝගය ශිවාජිලිංගම් මහතා මහතාට ලබාදීමට නොහැකි වී තිබේ.

එබැවින් පොලීසිය නල්ලූර් හි එම සමරුව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයේ ආරක්ෂාවක් යොදා තිබී ඇත.

ඒ හේතුකොටගෙන තිලීපන් පදිංචි ගම්මානයට ගොස් මොහු එම සැමරුම කර ඇති අතර එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින අතර පොලිස් මූලස්ථානයෙන් ලැබෙන නීති උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?