BREAKING NEWS

Share now!

කුඹුරු ඉඩම් වශයෙන් හැඳින්වෙන නමුත් වගා කළ නොහැකි ඉඩම් සුදුසු සංවර්ධන කටයුත්තු වෙනුවෙන් හිමිකරුවන්ට නිදහස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .

අදාළ ඉඩම් හිමිකරුවන් වෙත නිදහස් කිරීම සඳහා සරල ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර සිටී .

වර්තමානයේ පවතින තත්ත්වය තුළ මහජනතාවට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාගේ උපදෙස් මත එම පියවර ගත් බව ද අමාත්‍යංශය සඳහන් කර සිටී

එවැනි ඉඩම් හඳුනා ගැනීම ප්‍රාදේශීය මට්ටමින් මේ වනවිට සිදුවන අතර එම කටයුතු අවසන් වූ පසු නව ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment