නවතම පුවත්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

සැමරුම් උත්සවය අද (17) පෙරවරුවේ මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ “සුව ධරණි” හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින්  රත් සඳුන් පැළයක් රෝපණය කළේය.

අග්‍රශ්‍රාවක මහා විහාරයේ ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ද  පුෂ්පෝපහාර දැක්වීය.

දේශීය චින්තනය මත පදනම්ව රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  අනගාරික ධර්මපාලතුමා ගත් ගමන් මග යන තමා දුටු එකම නායකයා යයි උත්සව සභාව ඇමතූ පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.

මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

ධර්මපාලතුමාගේ ඥාතියෙකු වන සුධම්මික හේවාවිතාරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත තිළිණ කළේය.

සංවත්සර උත්සවයට සහභාගී වනු පිණිස මෙරටට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානී බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට සහ මහාබෝධි පදනමේ ලේකම්  ඩිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය,  දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරු  රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, සිසිර ජයකොඩි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්