නවතම පුවත්

කොළඹ කොටස් වෙළඳපොළ ඩිජිටල්කරණය වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද  ඩිජිටල්කරණය  වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද(17දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.

”අනාගතයට අධි පිම්මක්  ”  (Hyper  leap to the future) යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සැමරුම් උත්සවය සඳහා එක්වුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

මෙහිදී සමරු සටහනක් තැබූ ගරු අග්‍රාමාත්‍වරයා කොළඹ කොටස් වෙළඳපොළ හඳුන්වා දුන් නව වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරියේය.

ඩිජිටල්කරණ වැඩසටහන හරහා නව ආයෝජකයින් ට ශාඛා කාර්යාලයකට නොගොස් මධ්‍යම තැන්පතු ගිණුමක් විවෘත කිරීමට අවස්ථාව හිමි වේ.

ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව (CSE) ජංගම දුරකථන යෙදුම හරහා දිවයින පුරා විසිරී සිටින ආයෝජකයින්ට කොටස් වෙළඳපොළ හෝ තැරව්කාර ආයතනවලට යාමකින් තොරව ගිණුම් ආරම්භ කිරීමේ පහසුව සලසා දී තිබේ. එමඟින් නව ආයෝජකයින්ට කොටස් ගනුදෙනු සඳහා අවතීර්ණවීම කෙරෙහි බාධාවක්ව පැවති දුරස්ථභාවයේ ගැටලු මඟහැරී යනු ඇත.

ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව විශාල තොරතුරු ප්‍රමාණයක් අන්තර්ගත කරමින් කොළඹ කොටස් හුවමාරුව (CSE), SEC, CDS වෙබ් අඩවිය නව්‍යකරණයට ලක් කර තිබේ. ඒ යටතේ ආයෝජන, අධ්‍යාපන හා මූල්‍ය සාක්ෂරතාව අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමට කොමිෂන් සසභාව හඳුන්වා දෙන You Tube නාලිකාවද අද දිනයේ එළි දක්වන ලදී.

කොළඹ කොටස් හුවමාරුවෙහි ජංගම දුරකථන යෙදුමෙහි නවතම සංස්කරණය ඔස්සේ ගිණුම් විවෘත කළ හැකි අතර වෙළඳ ගනුදෙනු කිරීම, ගෙවීම්  පියවීම සහ සිය ගිණුම් ඕනෑම ස්ථානයක කැමති වේලාවක පහසුවෙන් නිරීක්ෂණය කිරීමට පහසුකම් ඇත.

කොළඹ කොටස් වෙළඳපොළ  ඩිජිටල්කරණය  මඟින් අනාගතයේ දී ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානයක්  ලෙස තහවුරු වීම සිදුවේ.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?