නවතම පුවත්

විශ්‍රාමික හමුදා නිළධාරීන්ට තනතුරු ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය තුලයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉතා විශිෂ්ට සේවයක් කර හමුදා සේවයේ ධුර කාලය වසර 55 ට පෙර අවසන් කරන ලද නිළධාරීන්ගේ පසුබිම සළකා බලමින් ඔවුන්ට සාධාරණයක් ලබා දීම අරමුණින් යුතුව රජයේ පවත්නා සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔවුන්ට යම් කිසි  තනතුරක් ලබා දීමට කටයුතු කරන බවත්, 2009 වසරේ මෙරට පැවති යුද්ධය  අවසන් කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාව මිලේච්ඡ හා යුධ අපරාධ කළ රටක් ලෙස අසත්‍ය චෝදනා එල්ල කිරීමට මානව හිමිකම් යයි පවසන ආයතන සියල්ල කටයුතු කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වන සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය දැඩි ලෙස විවේචනය කරන ලද ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පත්  කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

එහෙත්, මානව හිමිකම් කොමිසම පවසන සියල්ල සත්‍යයයි යන්න පිළිනොගන්නා මතයේ ශ්‍රී ලංකාව සිටින බවත් පවසා සිටී රඹුක්වැල්ල මහතා, ඔවුන් කෙසේ කුමනාකාරයෙන් කුමන දේ පැවසුවත් මෙරට තුළ සිදු කර ඇති සාධනීය කටයුතු හා මානුෂිය මෙහෙයුමත් සමඟ ඇති වූ ගැටළු හා අතුරුදහන් වුවන්ගේ ගැටළු ආදී සියලු ගැටළු 2015 ගෙන ආ රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන ආ න්‍යාය
පත්‍රයේ කොටසක් බවට අවධාරණය කළ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ ඔවුන් පවසන දේ පිළිබඳව සම්පුර්ණයෙන්ම පිළිගන්නා තැනක මේ රට පසු වන්නේ නැති බවත් අවධාරණය කරමින් කියා සිටියේය.

එමෙන්ම, ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වල ප්‍රධාන තනතුරු සඳහා කිසිඳු සාධනීය චෝදනාවන් නොමැති ජ්‍යෙෂ්ඨ හමුදා නිළධාරීන් පත් කිරීම් සිදු කර ඇති බවත් එල්ල කරන ලද චෝදනා සියල්ල අසත්‍ය චෝදනාවන බවත්, එකී නිළධාරීන් හට කිසිඳු සාධනීය චෝදනා කිසිවක් එල්ල වී නොමැති බවත් බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉතාමත් පැහැදිළි පිළිතුරක් ලබා දී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මෙහි දී වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් කියා සිටියේය.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී