නවතම පුවත්

අත්තනගල්ල හා වරකාපොළ ට හරිත කර්මාන්තපුරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අත්තනගල්ල හා වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘පෙතියකන්ද වත්ත’ නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම අයත්ව පිහිටා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘පෙතියකන්ද වත්ත’ නැමති ඉඩමේ අක්කර 194ක භූමි භාගයක එකී කර්මාන්තපුරය, හරිත කර්මාන්තපුරයක් වශයෙන් ස්ථාපිත කිරීම සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කර්මාන්තපුර 32ක් මේ වන විට රට පුරා පවත්වාගෙන යන අතර, පෞද්ගලික ආ‍යෝජකයින් විසින් රුපියල් මිලියන 36,500ක් පමණ එම කර්මාන්තපුරවල ආයෝජනය කර ඇත. මෙම කර්මාන්තපුරවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 4,517ක් පමණ වැය කර ඇති අතර, ඒවායේ ජනනය වී ඇති රැකියා අවස්ථා ගණන 18,600ක් පමණ වේ.

බස්නාහිර පළාත තුළ කර්මාන්ත ඇරඹීමට උනන්දුවක් දක්වන ආයෝජකයින් 150ක් පමණ සිය අයදුම්පත් ඉදිරිපත් කර ඇති නමුත්, එම පළාත තුළ පිහිටා ඇති කර්මාන්තපුර 08 තුළ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට නොහැකි වන බව පෙනී ගොස් ඇත. එබැවින්, ගම්පහ සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක දෙකටම අයත් වන පරිදි අලුතින් කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමටත්, එකී කර්මාන්තපුරය තුළ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඇසුරුම් කරන ද්‍රව්‍ය, අගය එකතු කළ කෘෂිකාර්මික නිෂ්පාදන, රබර් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන, ඇඟළුම් හා ආශ්‍රිත නිෂ්පාදන සහ ඖෂධ හා ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම හා එකලස් කිරීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමටත්, ප්‍රතිචක්‍රීකරණය සහ පර්යේෂණ සංවර්ධන කටයුතු සඳහා යෝජිත කර්මාන්තපුරයෙන් ඉඩකඩ වෙන් කර දීමටත් සැලසුම් කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?