Featured

Share now!

දින දාහතක් තුළ දිවයින පුරා පොලිස් ස්ථාන විසින් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 29181ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 8928ක්, වරෙන්තුකරුවන් 6678ක්, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍යවලට අදාල සැකකරුවන් 121ක්, වෙනත් වැරදි සිදු කළ සැකකරුවන් 13444ක් ඒ අතරට ඇතුළත් වේ.

මේ මස පළමුවැනිදා සිට 17 දා දක්වා ක්‍රියාත්මක වූ වැටලීම්වලට අදාළ ව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment