නවතම පුවත්

2021 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් දෙවන සතියේ පාර්ලිමේන්තුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2021 වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (17) දිනයේ යොමු කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කර ගැනීම, අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශයන්ගේ අරමුණු ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කර ගැනීම , සැමට පානීය ජලය ලබා දීම, මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර් 100,000ක මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජලජ සම්පත් සහ වාර්මාර්ග යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතා ලබා දීම, රාජ්‍ය ආයෝජන වැඩසටහන සඳහා සම්පත් යෙදවීම, රජයේ කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය සහාය ලබා දීම, සම්පත් අඩු ප්‍රමාණයක් යොදවමින් වඩාත් ඵලදායී ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි වන පරිදි සරල ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කිරීම ආදී කරුණු පිළිබඳව අයවැය පිළියෙල කිරීමේදී ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

 

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?