නවතම පුවත්

අභියෝග හමුවේත් ව්‍යාපාර කරන අලුත් ක්‍රම රැසක් ඊ-ෆියුචර් ටෙක් වෙතින්

අසංක

අසංක

 

නව කොරෝනා තත්වයට සුදුසු ලෙස මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා උපයෝගී වන නව නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වාදීමට ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් ආයතනය සැලසුම් කර ඇත

ඒ අනුව තම ආයතනයේ තෙවන සංවත්සරයට සමගාමීව තමන්ගේම දෘශ්ය අන්තර්ගත නිෂ්පාදනායතනයක් ආරම්භ කිරීමටද ඊ – ෆියුචර් ටෙක් සිස්ටම්ස් ආයතනය සූදානම්වේ

කෝවිඩ් 19 ගෝලීය වසංගතය හේතුකොටගෙන ඇතිවු නව වාතාවරණයට මුහුණදීමට ශ්රී ලාංකීය ව්යාපාර ආරක්ෂිත හා සෞඛ්ය සම්පන්න සේවා පරිසරයක් සහතික කරලීමට අමතරව, ව්යාපාර නව්යකරණය හා සේවා ස්ථාන සහමුලින්ම පරිවර්තනයක් සිදුකළ යුතු බව මෙම ආයතනයේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක අංජන රත්නායක මහතා මාධ්‍ය වෙත පවසා සිටියේය .

“අපගේ ප්රධාන ඉලක්කය වන්නේ රැකියා අපේක්ෂිතයන්ගේ අවශ්යතා සපුරාලීමයි. රැකියා සෙවීම සහ පුරප්පාඩු සඳහා අයදුම් කිරීම යන මූලික සේවාවන් නොමිලේ පිරිනැමීමට අමතරව, අයදුම්කරුවන්ට අපගේ වාරික සේවාවන් තෝරාගත හැකිය. එහිදී, ජොබ්පෑල් කණ්ඩායම රැකියා අපේක්ෂිත තැනැත්තා වෙනුවෙන් ක්රියාශීලී ලෙස රැකියා සඳහා ඉල්ලුම් කිරීම සිදු කෙරෙන අතර සාමාන්යයෙන් නව පුරප්පාඩු 1,000 කට වැඩි ප්රමාණයක් මාසිකව ජොබ්පෑල්හි පළ කරනු ලැබේ,” යනුවෙන්ද රත්නායක මහතා මෙහිදී සඳහන් කළේය.

2018 දී ඊ-ෆියුචර්ටෙක් සිස්ටම්ස් විසින් work.lk දියත් කරන ලද අතර එය මෘදුකාංග හෝ වෙබ් නිර්මාණය වැනි තාක්ෂණික සේවාවන්හි සිට ලිවීම, සෝදුපත් කියවීම, පරිවර්තන, දත්ත ඇතුළත් කිරීම වැනි ලියකියවිලි ආශ්රිත කාර්යයන් දක්වා පුළුල් පරාසයක සේවාවන් සඳහා මෙන්ම ගෙවතු වගාව, ජලනල කාර්මික, පින්තාරු කිරීම, පෙදරේරු, විදුලි යනාදී එදිනෙදා ගෘහ කටයුතු සඳහා ද විවෘත වෙළඳපොලකි. දැනට මෙහි ලියාපදිංචි සේවා සපයන්නන් 70,000 කට අධික සංඛ්යාවක් සිටී.

2019 නොවැම්බරයේදී ගුරුවරුන්ට සහ කථිකාචාර්යවරුන්ට මංගත (Online) දේශන පැවැත්වීමට සහාය වීම සඳහා ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් ඉංග්රීසි, සිංහල හෝ දෙමළ මාධ්යවලින් පාඩම්මාලා අන්තර්ගතයන් ලබා ගත හැකි පළමු ශ්රී ලාංකික ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වන rubik.lk දියත් කරන ලදී. අන්තර්ජාලය හරහා මෙන්ම මංගත නොවන ගෙවීම් විකල්පයන් සහිතව, මංගත පන්ති පැවැත්වීම සඳහා අවශ්ය සියලු පහසුකම් මෙමගින් සපයනු ලබන අතර සාම්ප්රදායික පන්තිවලට ප්රවේශ වීම සීමා කළ කොවිඩ් 19 වසංගතය තුළ මෙම මෙවලම භාවිතයේ සුවිශාල වර්ධනයක් දක්නට ලැබුණි.

ඊට අමතරව, 2020 වර්ෂයේදී ඊ-ෆියුචර් ටෙක් සිස්ටම්ස් විසින් තමන්ගේම ඊ-වාණිජ අවකාශයක් වන 999.lk හඳුන්වා දෙන ලද අතර, එමගින් ඉලෙක්ට්රොනික් උපකරණ, විලාසිතා සහ පළඳනාවන්, සෞඛ්ය සහ රූපලාවන්ය නිෂ්පාදන, නිවාස හා ගෙවතු උපකරණ සහ දුරකථන උපාංග, අන්තර්ජාලය හරහා පහසු මිලට මිලදී ගැනීමේ හැකියාව පවතී.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී