නවතම පුවත්

විදුලි බිදවැටීම් තවදුරටත් – කොළඹ බිදවැටීම් අවසන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ දහවල් සිට ප්‍රදේශ රැසක සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම් හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඒ, නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය අක්‍රියවීම හේතුවෙනි.

මේ අතර වාර්තා වූයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ඊයේ විදුලිය අහිමි වූයේ අතුරුගිරියේ සිට කොළොන්නාව දක්වා දිවෙන විදුලි රැහැන් පද්ධතියේ ඇතිවූ හදිසි බිදවැටිමක් හේතුවෙන් බවයි. මේ හේතුවෙන් දැනට කොළඹට විදුලි බිදවැටීමක් නොමැති බව පැවසුවත් The Colombo Express අපට නම් වාර්තා වූයේ මේ අවස්ථාවේදි මොරටුව ඇතුලු තදාසන්න ප්‍රදේශ ගණනාවකටම විදුලිය නොමැති බවයි.

විදුලි කප්පාදුවකින් තොරව, අඛණ්ඩව විදුලිය සැපයුමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.අමාත්‍ය රවී කරුණනායක සඳහන් කළේ, අක්‍රීය වී ඇති නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.

මේ අතර නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් තවදුරටත් වාර්තා වන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් නිසා අක්‍රිය වීමෙන් මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට අහිමිවී තිබේ.

මෙරට විදුලි බල අවශ්‍යතාවයෙන් 78% ක ප්‍රමාණයක් සපුරා ගන්නේ නොරොච්චොලේ ඇතුළු තාප විදුලි බලාගාරවලිනි.එහි දෙවන ජනන යන්ත්‍රය මෙලෙස අක්‍රීයව පවතින්නේ මධ්‍යම කදුකර ඇතුළු ප්‍රදේශ රැසකට වියළි කාලගුණයෙන් බාධා එල්ල වී ඇති පසුබිමකයි.

වියළි කාලගුණය සමග ප‍්‍රධාන ජල විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශයන්හි ජල මට්ටම් ද මේ වනවිට විශාල වශයෙන් පහත බැස තිබේ.මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනල වැව ජලාශවල 40% ආසන්න ජල මට්ටමකට පහළ බැස ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි