විශේෂාංග

Share now!

කාශ්මීරයේ පුලවාමා ප්‍රහාරය මුල් කරගනිමින් ඉන්දියාව හා පකිස්තානය අතර මේ වනවිට මතුව ඇති ගැටුම්කාරී වාතාවරණය කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම හානිකර ලෙස බලපාන බිහිසුණු යුධ ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවදානම තවමත් කිසිලෙසකින් පහව ගොස් නැත.

මේ වනවිට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා නගමින් , විවිධ තර්ක විතර්කවලට, වාද විවාද වලට එළඹෙමින් සිටිනවා හැර කිසිවකු එක පියවරක් හෝ පස්සට ගැනීමට සූදානමක් ඇති බවක් නම් දක්නට නැත.

දෙපාර්ශවයේම මෙම එකිනෙකට පරස්පර තර්ක විතර්ක හා වාද විවාද හේතුවෙන්ම , මෙම කාශ්මීර අර්බුදය සාකච්ජාවෙන්

ඉන්දියාව මේ වනවිට දැඩිව අවධාරණය කර සිටිනුයේ , දෙරට අතර යුධ ගැටුම් අවිලීමේ අවදානම තුරන් කරලීමටනම් , පකිස්තානය , එරට කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන මර්ධනය කල යුතු බවයි.

” මේක ඉන්දියාව හා පකිස්තානය අතර ගැටුමක් නොවේ, ඉන්දියාව හා ත්‍රස්තවාදය අතර ගැටුමක් ” යයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

නමුත් පකිස්තානය දිගින් දිගටම ඉන්දියාවේ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් සිටී . දෙරටෙහි ප්‍රකාශ එකිනෙකට දැඩි ලෙස පරස්පර වන අතර , මෙම ගැටලුව මෙතරම් බරපතල වී ඇත්තේද මෙම පරස්පරතාව නිසාම බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයින් පවසති,

මුලින්ම අප මෙම ගැටුම් වලට බලපෑ ආසන්නතම සිද්ධිය වන පුල්වාමා ප්‍රහාරය සම්භන්ධව පවා දෙපාර්ශවය ඉදිරපත් කරන්නේ එකිනෙකට පරස්පර හා නොගැලපෙන තොරතුරුය .

. පකිස්තානය ප්‍රකාශ කර සිටින්නේ තමන් එම ප්‍රහාරය හෙලා දක්නා ලද බවයි,

නමුත් ඉන්දීය රජය ඊට ප්‍රතිචාර ලෙස පවසන්නේ පාකිස්ථානය තවමත් පුල්වාමා ප්‍රහාරය නිශ්චිත වශයෙන් හෙළාදැක නැති බවකි.

” රට වෙනුවෙන් දිවි පිදූ ආරක්ෂක භටයන් වෙනුවෙන් කිසිදු ශෝක ප්‍රකාශයක් ද සිදු කර නොමැත. ඔවුන් සිය “දැඩි සැලකිල්ල” පමණක් ප්‍රකාශයට පත් කිරීම කර ඇත” යයි ඉන්දීය ආරක්ෂක අමාත්යංශය පකිස්තානයට චෝදනා නගයි.

පකිස්තානය සිදුකලේ මෙය සාහසික අපරාධයක් ඍජු ලෙස හෙළා දැකීමක් නොවන බවද ඉන්දියාව චෝදනා කර සිටී .

එසේම කිසිදු මූලික පරීක්ෂණයක් සිදු නොකර මෙම ප්‍රහාරයට පකිස්ථානය සම්බන්ධ කිරිම නුසුදුසු බව පකිස්තාන රජය ඉන්දියාව වෙත නගන චෝදනාවයි .
නමුත් ඊට ඉන්දියාවේ ප්‍රතිචාරය ලෙස ඔවුන් අවධාරණය කර සිටින්නේ ජයිෂ්-එ-මොහම්මද් සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාර ගන්නා ලද බවත් මෙම සංවිධානය සහ එහි නායකත්වය පාකිස්ථානය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක බව තහවුරුවී ඇති බවත්ය .

එසේම ලෂ්කාර්-ඒ -තයිබා සහ අනිකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් මෙම ප්‍රහාරය පිළිබඳ පුවතට සිය සතුට ප්‍රකාශ කර ඇති බවත් .මෙම සංවිධානයන්ද පකිස්ථානයේ පිහිටා ඇති බවත් ඉන්දියාව පවසයි . ඒ අනුව . පාකිස්ථානයට ඔවුන්ගේ පැවැත්ම සහ ක්‍රියාකාරකම් පිළිබඳව නොදැනසිටි බව ප්‍රකශ කළ නොහැකි බවද ඉන්දීය රජය පෙන්වාදෙ..

විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් රටවල් විසින් තහනම් කරන ලද කණ්ඩායම් හා පුද්ගලයින්ට එරෙහිව කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ඉල්ලීම් තිබුණද පාකිස්ථානය මෙම කණ්ඩායම්වලට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවද ඉන්දියාව සඳහන් කර සිටී . පාකිස්ථානය සහ මෙම ප්‍රහාරය අතර ඇති සම්බන්ධතාවය මෙයින් පැහැදිලිව සහ ප්‍රත්‍යක්ෂව පෙන්නුම් කෙරේන බවද ඉන්දීය රජයේ තර්කය වී ඇත..

ඉන්දියාව කෙලෙස කුමන චෝදනා නැගුවද ,පාකිස්ථානය නම් මෙහිදී දිගින් දිගටම අවධානරණය කර සිටින්නේ තම රජය කිසිලෙසකින් හෝ ත්‍රස්ත කණ්ඩායම් වලට සහය නොදක්වන බවකි එසේම ජයිෂ්-එ-මොහම්මද් සංවිධානය ප‍්‍රහාරය සඳහා වගකිව යුතු බව තවමත් ඔප්පු වී නැති බවටද පකිස්තානය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇත.

නමුත් ඉන්දීය ආරක්ෂක අමාත්යංශය පවසන්නේ , ජයිෂ්-එ-මොහම්මද් සංවිධානය මෙම ප‍්‍රහාරයට වගකිව යුතු බව තහවුරු වී ඇති බවකි,.

පකිස්තානය නම් සඳහන් කරන්නේ ඉන්දියාව හිතා මතාම අසත්‍ය ප්‍රකාශ කරමින් යුද්ධමය ගැටුමක් ඇතිකරගැනීමට උත්සාහ කරන බවයි.

නමුත් ඉන්දියාව පසුගිය වසර 40 පුරාවටම පාකිස්ථානයේ දේශසීමා ත‍්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇති බව ඉන්දීය රජය පවසයි

පකිස්තානය පවසන්නේ තමන් ත‍්‍රස්තවාදයෙන් වැඩි වශයෙන්ම පීඩාවට පත් රාජ්‍යය වන බවයි . නමුත් ඊටද ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පවසන්නේ සත්‍යය පකිස්තානය ප‍්‍රකාශ කරන දෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවයි.

ඉන්දියාව හා පකිස්තානය අතර මේ වනවිට පවතින නොසන්සුන්කාරී තත්වය යුධ ගැටුමක් දක්වා වර්ධනය වුවහොත් එය කලාපීය සාමයට පමණක් නොව ලෝක සාමයටද බරපතල බලපෑමක් කරනු ඇත. එබැවින් සාමයට ලදී බොහෝ දෙනෙකුගේ ප්‍රාර්ථනය වන්නේ මෙම ඉන්දු පකිස්තාන ගැටුම සාකච්ජාවෙන් විසඳා ගැනීමට හැකිවනු දැකීමය . ඊට ප්‍රධානතම භාධකය වී ඇත්තේ , “යා දෙක නොරත” මෙන් දෙරටෙහි අදහස් හා ප්‍රකාශයන් එකිනෙකට පරස්පර වීමය.

“බොරුවට නිදාගෙන සිටින පුද්ගලයින් ඇහැරවන්නට නොහැකිය”. ඉන්දියාව හා පකිස්තානයට සැබව්න්ම මෙම කාශ්මීර ගැටලුව සාමකාමීව විසඳා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී නම් , දෙපාර්ශවය අතර කෙතරම් පරස්පරතාවයන් තිබුනද , කෙතරම් මත ගැටුම් තිබුනද , එක් සකාච්ජා මේසයකට පැමිණ වාද විවාද , තර්ක විතර්ක හරහා කෙසේහෝ අවසානයේ යම් විසදුමකට පැමිණීමේ අවස්තාවක් ඇත. නමුත් දෙපාර්ශවයට සාමය පිලිබඳ සත්‍ය හා අවංක විශ්වාසයක් හා බලාපොරොත්තුවක් නොමැතිනම් , පවතින මෙම මත ගැටුම් හා පරස්පරතා, අතිශය බිහිසුණු ප්‍රචණ්ඩ යුධ ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවදානම ඉතා ඉහලය. එවැනි යුධ ගැටුමක් තුල න්‍යෂ්ටික යුධ අවි පවා භාවිතා වීමට ඉඩ ඇති බවද, එවැනි ගැටුමකට ‘ උඩ ගෙඩි’ දෙන සියලු පාර්ශව සිහියේ තබා ගත යුතුය.

පැතුම් වික්‍රමරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment