නවතම පුවත්

CID පුටු මාරුවට හේතුව රිෂාද් සොයුරා නිදහස් කිරීම!

අසංක

අසංක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාගේ ස්ථාන මාරුව, ආන්දෝලනයට ලක්වූ රියාද් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩබලන පොලිස්පති සීඩී. වික්‍රමරත්න මහතා ඊයේ දින කළ විශේෂ ඉල්ලීමක් පරිදි ජාතික පොලිස් කොමිසම මගින් මෙම ස්ථාන මාරුව සඳහා අවසරය ලබා දී තිබේ.

මේ අනුව රියාද් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා මොහොතේ සිට නිදහස් කළ මොහොත දක්වා වූ විමර්ශනයේ සියලු තොරතුරු යළි සලකා බැලීමටත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී කරන ලද ප්‍රකාශයට තොරතුරු ලැබී ඇත්තේ කෙසේද යන්න පිලිබඳවත් ඉදිරියේදී විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් කරනු ඇති බව එම ආරංචි මාර්ග කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා ලෙස පත්කර ඇත්තේ බස්නාහිර උතුර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රණසිංහ මහතායි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ, හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතාගේ සොයුරා වන රියාද් බදියුදීන් මහතා මාස 5 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිට පසුගියදා චෝදනාවලට අදාළව සාක්ෂි නැතැයි නිදහස් කොට තිබිණි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී