නවතම පුවත්

අතීතයේ ලොව බියපත් කල වසංගත තුනක්

අසංක

අසංක

කොරෝනා වෛරසය පැරදවිය හැකි සාර්ථක එන්නතක් නිපදවෙන තුරු අප සැමටම එම වෛරසය සමග ජීවත්වීමට සිදුව ඇත . එය තවත් වසරක කාලයක් විය හැක , එසේත් නැතිනම් ඊට වඩා දිගු කාලයක් විය හැක . මෙමඒ කොරෝනා වෛරසය සමග ජීවත්වීමට නම් අප ඊට අදාළ සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතුය . කොරෝනා නිසා වෙනස් වූ ජීවන රටාවට අනුගත විය යුතුය . කොටින්ම කිවහොත් අප කොරෝනා විසින් අප මත “පටවන” ලද නව සාමාන්‍යයට (New Normal ) අප හුරුවිය යුතුමය .

මෙහිදී අපට අතීතයෙන් උගත හැකි පාඩම් , අපමණය . අතීතයේ අපගේ මුතුන් මිත්තන් මුහුණ දුන් මෙවැනි වසංගත පිළිබඳව , ඒවා පරාජය කල අකාරය පිළිබඳව පමණක් නොව ඒවා සමග ජීවත් වූ අකාරය සොයාබැලීම අතිශය වැදගත්ය . අතීතයේ ලෝක වාසීන්ට බලපෑම් කල මෙවැනි ඇතැම් වසංගත රෝග මේ වනවිට ලොවින් තුරන් කර හමාරය , ඇතැම් ඒවාට ප්‍රතිකාර සොයා ගෙන ඇත , නමුත් ඇතැම් ඒවා තවමත් අප සමගය . මේ එලෙස අතීතයේ ඉතා බරපතල ලෙස ලොව පුරා ව්‍යාප්තවූ වසංගත තුනක් ගැන සිදුකෙරෙන පසු විපරමකි , ආපසු හැරී බැලීමකි …..

මහාමාරිය

මහාමාරීය රෝගය මුලින්ම වාර්තා වූයේ ක්‍රිව 541 දීය , ප්‍රධාන වශයෙන් එම රෝගය මකුණන් හා මීයන් විසින් සම්ප්‍රේෂණය කරනු ලබන බැක්ටීරියා මෙන්ම ආසාදනය වුවන්ගේ ශ්වසන බිඳිති හරහා ව්‍යාප්තවිය .

මේ රෝගය හේතුවෙන් මිය ගිය ගණන මිලියන සියයකට අධික බවට සැලකේ. කළු මරණය ලෙසින්ද හැඳින්වුණු මෙම රෝගය , වසර 1346-1353 යන කාලසීමාව තුල දරුණු ලෙස ව්‍යාප්තවිය . එම වසංගතය එදා ඉතාමත් දරුණු ලෙසින් යුරෝපය පුරා පැතිරී ගිය අතර යුරෝපයේ ජනගහනයෙන් 1/3ක් පමණ මරණයට පත් වුණු බව බොහෝ වාර්තාවල සඳහන් වේ . එලෙස මහාමාරිය වසංගතය යුරෝපය පුරා පැතිරී ගිය අවස්ථාවේ එහි බලපෑම තදින්ම දැනුණේ ඉතාලියට ය.

වසා ගැටිති ඉදිමීම හෝ ආසාදනය ඇති කරන්නේයැයි විශ්වාස කෙරුණු මෙම රෝගය අවසානයේ පාලනය කෙරුණේ දැඩි නිරෝධායනය හා වැඩිදියුණු කරන ලද සනීපාරක්ෂක විධි ඇතුළු මාර්ගවලිනි. එහෙත් සම්ප්‍රේෂණය වන අකාරය ගැන අදටත් සම්පූර්ණ අදහසක් වෛද්‍යවරු සතුව නැත .

ඒ නිසාම මේ වනවිට මෙම රෝගය බොහෝදුරට පාලනය කර ඇති නමුත් එය සම්පූර්ණයෙන්ම තුරන්වී නැත . තවමත් මහාමාරිය අප අතර පවතී.

උදාහරණයක් ලෙස මේ වසරේ ජූලි මාසයේදී මොන්ගෝලියාව තුළ එම රෝගය සුළු වශයෙන් හටගත්තේය. කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා මහාමාරිය රෝගීන් වාර්තා වන්නේ ඉතා සුළු වශයෙනි . එසේම ඊට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ මගින් රෝගයට සාර්ථකව ප්‍රතිකාර කළ හැකි මට්ටමක් ඇත .

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙම වසංගතය දැඩි බලපෑමක් කල බවට ඉතිහාස වාර්තා නොමැත

වසූරිය –

මෙම රෝගය මුලින්ම වාර්තා වූයේ 1520 දීය ,මිනිසුන්ට අතිශය මාරාන්තික යැයි හඳුනාගත් වයිරසවලින් එකක් වන වෙරියෝලා මයිනර් නම්වූ වයිරසය මෙම රෝගයට හේතුවේ.

මේ නිසා ශරීරය පුරා සැරව පිරි බිබිලි හටගන්නා අතර රෝගය උත්සන්න වූ කාලයේදී එය වැළඳුනු සෑම දස දෙනෙක්ගෙන් තිදෙනෙක්ම මිය ගියහ.ආසාදනය වූවකුගේ නාසයෙන් හෝ මුඛයෙන් පිටවන බිඳිති හෝ ඔවුන්ගේ තුවාල හරහා රෝගය පැතිරී යා හැකිය.

වසූරිය රෝගයෙන්ද මිනිසුන් මිලියන සියගණනක් මරණයට පත්විය – 20 වෙනි සියවසේදී පමණක් එම ගණන මිලියන 300 ඉක්මවිය

ශ්‍රී ලංකාවටද මෙම රෝගය බරපතල බලපෑමක් එල්ල කර ඇත . මෙරටින් වසූරිය වසංගත ගැන මුලින්ම වාර්තා වන්නේ පෘතුගීසි සමයේදීය . එකල ඔවුන් යටතේ තිබූ මහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව වසූරිය පැතිරි ගියේය. පසුව සෙසු පළාත්වලටද එම රෝගය පතිරගියේය .එම රෝගයෙන් දහස් ගණනක් මෙරට වැසියන් මියගිය බවටද වාර්තා ඇත . 1581 වසරේදී පමණ ලංකාවට ඇතුළුවූ මෙම රෝගයද , යලි 1805 වකවානුවේද යලි ප්‍රබලව මතුව ඇත .

කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු වන එඩ්වර්ඩ් ජෙනර් 1796 දී සොයාගත් එන්නත හේතුවෙන් අද වන විට රෝගය සහමුලින්ම තුරන් කර ඇත. කෙසේ වෙතත් එම එන්නත සොයා ගත්තේ රෝග ව්‍යාප්තිය අරාම්භ වී සියවස් දෙකකට පමණ පසුවය .

මේ ආකාරයෙන් තුරන් කරන ලද එකම මානව රෝගය වසූරිය ලෙස තවමත් සැළකේන අතර මෙය මිනිසා ළඟාකරගත් ශ්‍රේෂ්ටතම ජයග්‍රහණයක් ලෙසද සැලකේ.

කොළරාව –

මෙම රෝගය මුලින්ම පැතිරගියේ 1817 වසරේදීය .නමුත් වර්තමානය දක්වාම විවිධ අවස්ථා වලදී , කාලවලදී එම රෝගයේ පැතිරීම් දක්නට ලැබිණ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අපවිත්‍ර ආහාර හෝ පානීය ජලය නිසා හටගන්නා මෙම රෝගයේ වසංගත අකාරයෙන් ලොව පුරා සත් වරක් ව්‍යාප්තව ඇත. ඉන් මිලියන ගණනක පිරිසක් මියගියහ.

විබ්රියෝ කොලරී නම් බැක්ටීරියාව මගී මෙය පැතිරේ එය වැඩිපුර හමුවන්නේ අපවිත්‍ර ජලය හෝ ආහාර තුළය
වැඩියුණු කරන ලද සනීපාරක්ෂාව හේතුවෙන් බටහිර රටවල් මෙම රෝගයේ තර්ජනයෙන් මිදී සිටියද බොහෝ අඩු ආදායම්ලාභී රටවලට මෙය තවමත්ආවේණික හෝ පොදු රෝගයක්ව පවතී.

මේ වනවිට යම් පාලනයකට යටත්ව තිබුනද , සෞඛ්‍ය සංවිධානයට අනුව වාර්ෂිකව 100,000 හා 140,000 අතර පිරිසක් තවමත් මේ රෝගයෙන් මියයති

වර්ෂ 1830 මුල් කාර්තුවේ දී පළමු කොලරා රෝගියා ලංකාවෙන් හමුවූ බවට වාර්තා ඇත , එතැන් පටන් විවිධ කාලවලදී මෙරට විවිධ ප්‍රදේශ වල මෙය ව්‍යාප්ත වූ අතර මියගිය ගණනද දහස් ගණනක් වේ.

, මේ රෝගයට පහසු ප්‍රතිකාර හා එන්නත් මේ වනවිට තිබුණද, මෙය වැළඳීමේ හෝ ඉන් මරණයට පත්වීමේ අවදානම තවමත් අප ඉදිරියේ පවතී .

අද අප සිටින්නේ මහාමාරිය , කොලරාව වසූරිය වැනි වසංගත බරපතල ලෙස පැතිරගිය ඒ අතීත යුගයට වඩා සෑම අතින්ම දියුණු හා සංවර්ධිත යුගයකය . විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව අද පවතින්නේ සාපේක්ෂව ඉතාමත් දියුණු මට්ටමකය .

එසේම අද වනවිට මින් පෙර ලොව කිසිදු අවස්තාවක කිසි ලෙසකින් නොසිදුවුණු ලෙස කොරෝනාවට එරෙහි එන්නතක් නිපදවීම සඳහා මුළු ලොවක්ම එකට එක්වී අත්වැල් බැඳගනිමින් සිටී . අද වනවිට ර රටවල් රාශියක විද්‍යාඥයින් , වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේද මගපෙන්වීම් හා සම්භන්ධීකරණයන් හරහා මෙම එන්නත නිපදවීමට සාමූහික උත්සාහයක නිරතව සිටී .

ඒ අනුව මෙම නව දැනුම හා සාමූහිකත්වය තුලින් , කොරෝනාව පැරදවීමට සමත් සාර්ථක එන්නතක් සොයා ගැනීම පිළිබඳ ධනාත්මක හා සුභවාදී බලාපොරොත්තුවක් තබා ගැනීමට අප සියලුදෙනාටම හැකියාවක් ඇත .

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී