නවතම පුවත්

සුෂාන්ත් සිංගේ මරණයට ශ්‍රී ලාංකික රසිකයෝ යුක්තිය ඉල්ලති

අසංක

අසංක

සුෂාන්ත් සිංගේ මරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලන ලොව පුරා මිලියන ගණනින් වන රසිකයන් අතරට ශ්‍රී ලංකාව ද එක්වෙමින් මෙරට රසික කණ්ඩායම් එක්ව රට තුළ බලපෑම් කිරීමේ ව්‍යාපාරයක නිරතව තිබේ.

අන්තර්ජාලය ඔස්සේ අඛණ්ඩ විරෝධය පළකිරීම්, ඉන්දීය විමර්ශකයන් වෙතින් යුක්තිය ඉල්ලා සිටීම සදහා බලධාරීන් වෙත බලකිරීමට අමතරව පසුගිය 5 වැනිදා සිට දින 3ක කාලයක් බම්බලපිටිය නගර මධ්‍යයේ සහ ලිබර්ටි හි ඩිජිටල් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමක් ද ඔවුන් විසින් සිදුකර ඇත. ශ්‍රී ලංකාවේ මේ වනවිට සුෂාන්ත් සිංගේ මරණයට යුක්තිය ඉල්ලා සිටින රසික කණ්ඩායම් 3ක් ස්ථාපනය කර තිබේ.

බොලිවුඩයේ සුපිරි තරුවක වන සුෂාන්ත් සිංගේ මරණය සියදිවි හානි කරගැනීමක් නොව, ඝාතනයක් බවට සැකකෙරෙන කරුණු හෙළිවෙමින් පැවතීමත් සමග ඉන්දීය විමර්ශකයන්ට මේ පිළිබද අවධානය යොමුකිරීමට සිදුව ඇත්තේ ලොව වටා සිටින ඔහුගේ රසිකයන්ගේ දැඩි ඉල්ලීම්, විරෝධතා හමුවේයි. එසේ නොවූයේ නම් මේ වනවිටත් බොලිවුඩයේ යටගිය බොහෝ මිනීමැරුම් මෙන්ම හදිසි මරණයක්, සියදිවි හානිකරගැනීමක් ලෙස හුවා දක්වමින් මෙය ද යටගැසීමක් සිදුවීමට ඉඩතිබූ බව බොහෝ දෙනා මත පළ කර තිබේ.

විමර්ශනයේ අතරතුර හෙළිවන කරුණුවලින් බොලිවුඩයේ සුපිරි තරු, දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන්ට ද ඇගිල්ල දිගුවෙමින් පවතී.

සුෂාන්ගේ මරණය පිළිබද ඉන්දීය ප්‍රබල දේශපාලනයකු වන සුබ්‍රමනියම් ස්වාමි හදුන්වා තිබුණේ ‘සුෂාන්ත් සිං රාජ්පුත්ගේ ‘ඝාතනය‘ හරියට බොලිවුඩ්, මුම්බායි පොලිසිය සහ මහාරාෂ්ට්‍ර රජයේ වෝටර්ගේට්, වෝටර්ලු සිද්ධීන් වැන්නක්‘ බවයි. වෝටර්ගේට් හා වෝටර්ලූ සිද්ධීන් ලෝක ඉතිහාසයේ කළු පැල්ලම් එක්කළ සිද්ධීන්, පාවාදීම් ලෙස ප්‍රකට ය. ඔහු සුෂාන්ත් වෙනුවෙන් පෙනී සිටින සියලුම පාර්ශ්ව වෙත වැඩිදුරටත් පවසා තිබුණේ ‘වරදකරුවන් යුක්තිය ඉදිරියට ගෙන එන තුරු හෝ වැරදිකරුවන්ට යුක්තිය ඉටුවන තුරු අත්නොහරින‘ ලෙසයි.

නිහතමානී ආරම්භයක සිට සිනමා තරුවක් දක්වා වූ ඔහුගේ සිනමා ගමන පසුගිය ජුනි 14 වන දින අවසන් විය. ඒ වයස අවුරුදු 34 දී ඔහුට අයත් මහල් නිවාසය තුළ දී මිය යාමත් සමගය. ඔහු ජීවත් වූ මුම්බායි නගරයේ පොලිසිය පැවසුවේ සුෂාන්ත් සිය දිවි නසා ගෙන ඇති බවය.

ඔහුගේ සාර්ථකත්වය, ධෛර්යය පිළිබඳ ආසාවෙන් බලාසිටි මිලියන සංඛ්‍යාත රසිකයන් මෙම පුවත අසා කම්පනයට පත්විය.

ඉන්දියාවේ දුප්පත්ම ප්‍රාන්තවලින් එකක් වන බිහාර්හි සුෂාන්ත් හැදී වැඩුණේය. ඔහු ඉතා වෙහෙසී සිය දිවිය ගොඩනගා ගත් අතර, ඉන්දියාවේ ඉහළම ඉංජිනේරු විද්‍යාලයකට ඇතුළත් වීමට ද සමත් විය. එය ඉන්දියාවේ මධ්‍යම පාන්තික පවුලකට දීප්තිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමේ ස්ථිර මාර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

නමුත් ඔහුගේ සිත නිතැතින්ම යොමුවූයේ රංගනය කෙරෙහි ය. ඒ නිසා ඔහු විශ්ව විද්‍යාලයෙන් සමුගෙන, මුම්බායි නගරය වෙත පැමිණියේය.

ඔහු කුඩා චරිත නිරූපණය කරමින් විවිධ රැකියාවල නිරත වෙමින් වසර ගණනාවක් නාට්‍ය කලාවට සම්බන්ධ රැකියාවල නිරත විය. ඒ අතර තුර, ඔහුගේ එක් රූපවාහිනී වැඩසටහනක් අතිශය ජනප්‍රිය විය. කෙටි කලක් ඇතුළත රිදී තිරයේ ද ඔහු සාර්ථක රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණියේය. සුපිරි ක්‍රිකට් තරුවක වන මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව සිනමාවට නැංවීමත් සමග එම චරිතයට පණ පෙවූ සුෂාන්ත් නොදන්නා අයෙක් ලොවෙහිම සිටියාදැයි සැක තරමටම ලෝකය පුරාම ක්‍රිකට් ලෝලීන් පවා ඔහු හැඳින ගත්තේය.

සිනමා කර්මාන්තය තුළ “ගෝඩ් ෆාදර්” කෙනෙකු නොමැති බාහිර පුද්ගලයකු වූ නිසා සුෂාන්ත්ගේ නැගීම බොලිවුඩ්හි කිරුළුපලන් සිටින බොහෝ අය කුපිත කරවීය. විශාල පිරිවැයක් දරමින් නිර්මාණය වන චිත්‍රපටවල චරිත නිරූපණය කිරීමට ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවත් ඔහු ඒවායින් ඉවත් කර ඇති බවට නිකුත් වූ වාර්තා බොහොමයක් එළියට ආවේ ඔහුගේ මරණයෙන් පසුවය.

මරණයට හේතුව කුමක්දැයි මුම්බායි පොලිසිය තවමත් විමර්ශනය කරමින් සිටියි. සියදිවි නසාගැනීමට පෙළඹවීම හෝ අනුබල දීම යන චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේදැයි සොයා බැලීමට ඔවුන් චිත්‍රපට ක්ෂේත්‍රයේ පුද්ගලයින් පනහකට වැඩි පිරිසක් ප්‍රශ්න කර ඇත. පොලිසිය තවමත් සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර නොමැතිව කල් ගනිමින් සිටී.

අතීත සිදුවීම් මත සමහර චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකයින්ට සමාජ මාධ්‍යවල දැඩි ප්‍රහාර එල්ල වෙමින් පවති. හිටපු සිනමා තාරකාවන්ගේ දරුවන් මෙම වෘත්තියට හඳුන්වා දුන් කරන් ජොහාර් විශේෂයෙන් මෙම ප්‍රහාරවල ඉලක්කය වී ඇත.

සුෂාන්ත සිනමාවට අමතරව විශ්වීය සිහිනයක් තිබූ බව කිව යුතුය. ඒ ඔහු වසර කිහිපයකට පෙර විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් වෙනුවෙන් සූදානම් වීම සඳහා නාසා ආයතනයේ පුහුණුවකට යාමෙන් පසුව හදිසියේ ඇතිවූ අලුත් සිහිනයකි. එහිදී ගගනගාමියකුගේ විලාසය පුහුණු කරවු ඔහු එතැනින් නික්ම එනවිට නාසා ආයතනය සඳහන් කර තිබුණේ තවත් සති කිහිපයක් එම පුහුණුව කර අවසන් කළේ නම් ඔහුට නාසා ආයතනය විසින් දේශකයකු ලෙස ඔහු සහතික කරන බවය. එතැනින් නික්ම ආවද සුෂාන්ත් ඒ ගැන සිහිවනවිට මෙතෙක් නොතිබූ කුමක්දෝ අමුතු ආශාවක් ඔහුගේ හිත තුළ නලියන්නට විය. පසුකාලීනව ඔහු මාධ්‍යට දුන් සම්මුඛ සාකච්ඡාවකදී කියාතිබුණේ තමා ඒ පුහුණුවේ ඉතිරිය සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන අතර 2024 හඳට මිහිමතින් ගෙනයන කණ්ඩායමකට කුමන හෝ වාසනාවකට තමා තෝරාගනීවි යන බලාපොරොත්තුවෙන් දැන් සිටම ඒ සඳහා සූදානම් වන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්