නවතම පුවත්

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය-2020ට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සහය

අසංක

අසංක

‘කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය 2020’ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවත්විණි. සම්මන්ත්‍රණය සදහා අනුග්‍රාහකත්වය හම්බන්තොට ජාත්‍යන්තර වරාය දැරූ අතර කර්මාන්ත කටයුතු අමාත්‍ය විමල් වීරවංශ සහ මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, යන අමාත්‍යවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පශ්චාත්-කොවිඩ් ආර්ථිකය තුළ මූල්‍ය කළමනාකරණය, ව්‍යවසායකත්ව නායකත්වය සහ බැංකු අරමුදල් සම්පාදනය කිරීමේදී ඇති වන අභියෝගයන්ට මුහුණ දීමට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට උපකාර කිරීමේ අරමුණු ඇතිව මෙම සමුළුව පවත්වන ලදි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමේ අපේක්ෂාවෙන් සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද ප්‍රථම කලාපීය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය මෙය විය. මෙම ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා කමිටු සාකච්ඡා පැවැත්වූ අතර, “නව සාමාන්‍යය තුළ කළමනාකරණය ව්‍යවසායකත්ව සංවර්ධනය” යන කමිටු සාකච්ඡාව සඳහා හම්බන්තොට වරාය නිළධාරීන් සහභාගි වූහ. එහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වරාය ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් ප්‍රතිලාභ ලැබිය හැකි ආකාරය සහ අනාගත ව්‍යාපාරික අවස්ථාවන් පිළිබඳව නියෝජිතයින් ප්‍රශ්න ඉදිරිපත් කළහ.

වරාය විසින් ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳව අදහස් දක්වමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ අලෙවිකරණ කළමනාකරු නිශාන්ත ගමගේ මහතා ප්‍රකාශ කළේ රට අගුළු දැමූ කාල සීමාව තුල පවා වරාය අඛණ්ඩව තම සේවා ක්‍රියාත්මක කරමින් කාර්ය මණ්ඩල හුවමාරුවිම්ද හැසිරවූ බවයි. විවිධ සේවා අවශ්‍යතා සඳහා වරායට පැමිණෙන යාත්‍රාවන්ට සේවා සපයන සැපයුම්කරුවන් ලෙස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට, ක්‍රියා කල හැකි බව පෙන්වා දුන් ඔහු නව තත්වයන්ට අනුව ක්‍රියාත්මක විය යුතු ආකරය පිලිබඳ උපදෙස් දුන්නේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොදාගැනිම පිලිබඳව අවධානය යොමු කල යුතු බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වාසිදායක වන, වඩාත් කාර්යක්ෂම හා විධිමත් බහාලුම් ආනයන හා අපනයන සඳහා මග සලසමින් ඉතා ඉක්මනින් බහාලුම්කරණ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හම්බන්තොට වරාය අපේක්ෂා කරන බව ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

සම්මන්ත්‍රණය පිලිබඳව අදහස් දක්වමින්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ඔවුන් හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය සඳහා කැපවී සිටින අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මෙම ප්‍රයත්නයේ වැදගත් අංගයක් ලෙස දකින බවයි. හම්බන්තොට ජාත්‍යන්තර වරායේ බාහිර සංවර්ධනය මෙන්ම, ප්‍රවේශගත වරායක් ලෙස දියුණු කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා, හම්බන්තොට කාර්මික සංවර්ධනය අත්‍යවශ්‍ය වන බව ඔහු පෙන්වා දුන්නේය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා 2020 අපේ‍්‍රල් මාසයේ සිට රැස්වූ වෘත්තීය සංවිධාන, වාණිජ හා කර්මාන්ත මණ්ඩල, වාණිජ බැංකු සහ කර්මාන්තයන්හි විශේෂඥයින් 50 දෙනෙකුගෙන් සම්මන්ත්‍රණ කමිටුව සමන්විත විය. මුහුණ දෙන විවිධ අභියෝග සහ අනාගත සංවර්ධන අවස්ථාවන් පිළිබඳව සාකච්ජා පැවැත්වූ සම්මන්ත්‍රණය සඳහා, හම්බන්තොට වාණිජ බැංකුවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පාරිභෝගිකයින් 250 ක් පමණ සහභාගී වූහ. නුදුරු අනාගතයේදී, CMA ආයතනය, වෙනත් දිස්ත්‍රික්කවල ද මෙවැනිම සම්මන්ත්‍රණ පැවැත්වීමට සැලසුම් කර ඇත.

IMG1 – (CMA) ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල මහතා විසින් “කොවිඩ්-19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත බාර දීමේ අවස්ථාව .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි