නවතම පුවත්

පාරම්පරික වෙදකමට අත්වැල් සැපයූ මනුසත්කාර මෙහෙයුම

අසංක

අසංක

රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැතිබැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය.

මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් අයෙකු ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම තුළින් අපට හමු වූයේ අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයේ දී ය. ඔහු නමින් සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය ටී. පී. ජිනදාස මහතා ය.

අපගේ පාරම්පරික වෙදකමේ ඇති සම්ප්‍රදායන් එලෙසටම සිදුකරමින් ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශ රැසක ජනතාවගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ කාර්යයේ නිරත මෙතුමන්, අපගේ අතීත වෙදදුරන් අනුව යමින් බුලත් කොලයක් තබා රෝගියා විසින් පිළිගන්වනු ලබන තුටු පඬුරෙන් අපමණ සෑහීමකට පත් වෙමින්, සිය ප්‍රතිකාර කාර්යයන් සිදුකරනා වෛද්‍යවරයෙකි.

උරිස්පත්තුවේ ඔලියන්ගේ ගෙදර වෙද පරම්පරාව යනු මෙම ප්‍රදේශය තුළ පමණක් නොව ලංකාවේ විවිධ ප්‍රදේශවල රෝගීන් හට පිහිට සැළසූ වෛද්‍යවරුන් රැසක් සිටි වෙද පරම්පරාවකි. මෙම පරම්පරාවේ පස්වැන්නා ලෙස 1968 වසරේදී ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් ඉගෙනීමට යොමු වූ ජිනදාස මහතා, එම ශාස්ත්‍රය සම්බන්ධයෙන් මනා උනන්දුවෙන් සහ ගෞරවයෙන් අධ්‍යනය කාර්යයේ නියුලුනේ එය හුදෙක් ජීවන වෘත්තියක් පමණක් නොව සමාජ සත්කාර්යයක් බවද වටහා ගත් බැවිනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඇති හරයන් ජිනදාස මහතාගේ ශරීරය තුල තැන්පත් කරනු ලැබුවේ, ඇතැමුන් එම ප්‍රතිකාර ක්‍රම තුළින් මුදල් සෙවීමට යොමු වෙද්දී ඔහු එමගින් මිනිසුන්ගේ දුක් කඳුළ නිවාලමින් ඔවුන් වෙත අස්වැසුමක් ගෙන ඒමට නිරන්තරව කැපවීම තුළිනි.

ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත්‍රයේ දැනුම සහ අත්දැකීම තුළින් මහුකුරා යත්ම ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදංචි වීමේ අවශ්‍යතාවය ජිනදාස මහතා හට ඇති වූයෙන් එතුමන් 1991 වසරේදී ආයුර්වේද වෛද්‍ය විභාගයට සහ සම්මුඛ පරීක්‍ෂණය ඉදිරිපත්ව ඉන් සාර්ථක අයුරින් සමත් වූයේ සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයකු ලෙසට ය.

රෝගීන්ගේ නිල පරීක්‍ෂා කර ඔවුන් සමග කතාබහ කිරීමෙන් රෝග හඳුනා ගැනීමේ විශ්මිත වූ හැකියාවක් දක්වන ජිනදාස මහතා, අවම වූ පහසුකම් යටතේ සිය ප්‍රතිකාර කාර්යයන් සිදුකරන්නේ අතීතයෙන් උරුම වූ සිය උරුමය අනාගත පරපුර වෙතටද ගෙන යාමේ අපමණ වූ අපේක්‍ෂාවෙනි. මෙහිදී අදහස් දැක්වූ සර්වාංග ආයුර්වේද වෛද්‍ය ටී. ජී. ජිනදාස මහතා ප්‍රකාශ කර සිටයේ, “මම මේ වෙනකොට අවුරුදු 30ක් 40 ක් ආයර්වේද වෛද්‍aය ප්‍රතිකාර කිරීම් කරනවා. මේ වෙනකොට ගෝලයන් හතරදෙනෙක් මම හදලා තියෙනවා. ඒ වගේම සර්වාංග රෝග ප්‍රතිකාර කාර්යය තමයි මම කරන්නේ. මේ හැම දෙයක්ම මම කරන්නේ මේව කරන්න තරම් ප්‍රමාණවත් පහසුකම් ඇතිව නොවෙයි. විශේෂයෙන් බෙහෙත් හදාගන්න වගේම බේත් ගබඩා කර තබාගන්න සුදුසු කාමරයක් මට නැහැ. ඒ වගේම බෙහෙත් සකසාගැනීමේදී බෙහෙත් කොටා ගැනීම තමයි දුෂ්කරම. අද වෙනකොට කුලියට තමයි බෙහෙත් කොටා ගැනීම කරන්නෙ. මේවට අද වෙනකොට මැෂින් තිබෙනවා. ඒ වගේම බෙහෙත් සකසා ගැනීමට තඹ හැලි වගේ දේවල් මගේ ළඟ නැහැ. මේ පහසුකම් තිබුණොත් මට තවත් සාර්ථක ආකාරයට ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. වගේම වැඩි දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ හැකියාවත් ඉන් සැළසෙනවා.” යනුවෙන් පැවසීය.

සමාජයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කැපවෙන්නන්ගේ ශක්තිය වෙනුවෙන් නිරන්තව සිය දායකත්වය ලබා දෙන ඩයලොග් ආයතනය, සිය මනුසත්කාර මෙහෙයුම ඔස්සේ මෙම ආයුර්වේද වෛද්‍ය තුමන් වෙත උපකාර කිරීමට ඉදිරිපත් වූයේ ඔහු වෙත සිය වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක ආකාරයෙන් සිදුකිරීම සඳහා අවැසි පරිසරය සකසා දෙමිනි. එහිදී මූලික වශයෙන් මනුසත්කාර මෙහෙයුම විසින් එතුමන්ගේ නිවසේ ආරම්භ කර තිබූ ඉදිකිරීම් කාර්යයන් අවසන් කර දීමටත්, එතෙක් එතුමන් හට නොතිබූ රෝග ප්‍රතිකාර ඇදක්, බෙහෙත් ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක්, බෙහෙත් ද්‍රව්‍ය රැඳවුම් රාක්ක, බෙහෙත් ද්‍රව්‍ය දමනා වීදුරු බඳුන්, රෝගීන් සඳහා අසුන් ගැනීමට අවශ්‍ය පුටු මෙන්ම ආයුර්වේද බෙහෙත් පැල ආදියද ලබා දීම ඩයලොග් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයත් සමග ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකියාව ලැබිණි. මෙම සියලු පහසුකම් සමඟින් එතුමන් හට පෙරට වඩා සාර්ථක ආකාරයෙන් සිය ප්‍රතිකාර කාර්යයේ නිරතවීමේ අවස්ථාව හිමිවේ.

දැනුම යනු උරුමයකි. මන්ද අනාගතය පෝෂණය කරනු ලබන්නේ අතීතය විසින් නිර්මාණය කරනු ලැබූ දැනුම තුළිනි. මෙම මග ඔස්සේ යමින් ජිනදාස මහතා විසින් සිය වෛද්‍ය ප්‍රතිකාර කාර්යයන්ට අමතරව මෙම දැනුම අනාගත පරපුර වෙත කිසිදු අයකිරීමකින් තොරව ලබා දීමට ද ඉදිරිපත්ව සිටී. මේ වන විට සිසු සිසුවියන් 10 දෙනෙකුට සිය දැනුම ලබාදීමේ කාර්යයේ නිරතව ඇති අතර, ඉන් සිව් දෙනෙකු ආයුර්වේද වෛද්‍ය විභාගය සමත්ව වෛද්‍යවරුන් ලෙස සේවය කරති. මෙයට අමතරව තවත් දෙදෙනෙකු මේ වන විට එම විභාගයට සාර්ථක ආකාරයෙන් ඉදිරිපත්ව ඇත.

වසර ගණනාවක් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර කර්යය කරමින්, සුවහසක් දේශීය ජනතාවගේ කඳුලැලින් පිරුණූ මුවට හසරැල්ලක් කැඳවූ අපේ කාලයේ ජීවකයාණන් කෙනෙකුට, මේ ඔබට හැකි ආකාරයෙන් උපකාරයක් කිරීමේ අවස්ථාවයි.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී