නවතම පුවත්

2020 IPL කිරුළ නැවත වරක් මුම්බායි පිලට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර ශූරතාව දිනා ගත්තේ පස්වැනි අවස්ථාවටය.

දිල්ලි කණ්ඩායම හා පැවැති අවසන්ත රගයේදී කඩලු පහක පහසු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වූයේය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ලකුණු 156/7ක් ලබාගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවා 18.4කදී ලකුණු 157/5ක් රැස්කරමින් තරගය ජයග්‍රහණය කළේය. තරගයේ වීරයා ලෙස ට්‍රෙන්ට් බෝල්ට් සම්මාන ලැබීය.

මහේලගේ පුහුණුකාරිත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතාව හිමිකරගත් තෙවැනි අවස්ථාව මෙය වන අතර ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ මුම්බායි කණ්ඩායම අවසන් මහ තරග 4කට ක්‍රීඩා කර තිබේ. මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගත්තේ පිට පිටම දෙවැනි අවස්ථාවටය.

2017 වසරේදී මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පුහුණුකාරිත්වය ලබාදුන් අතර එම වසරේදී ශූරතාව හිමිකර ගැනීමට ඔවුන් සමත්විය.

2018 වසරේ අවසන් තරගයට පැමිණියත් එම පරායට පත්විය. ඉන් අනතුරුව යළිත් 2019  හා 2020 වසරේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරතාව හිමිකර ගත්තේය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි