නවතම පුවත්

2020 පළමු LPL ශූරතාවය යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිතිකරුවන්ගේ මෙන්ම පන්දු යවන්නන්ගේත් විශිෂ්ට දස්කම් හමුවේ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (16 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 53 ක ජයක් යාපනය ස්ටැලියන්ස් පිලට හිමිවිය.

ජයග්‍රහණය සඳහා ඕවර 20 කදී ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 135 ක් පමණි. සාර්ථක ආරම්භයක් ලබාගත් සුරංග ලක්මාල් සහ ධනංජය ද සිල්වා අධිවේගී ඕවර 5 ලකුණු 24 කට සීමාකරමින් ප්‍රවේගකාරී පිතිකරුවන් තිදෙනෙකු පිටියෙන් ඉවත් කිරීමට සමත්වූහ.

පසුගිය තරගාවලි කිහිපයේදීම ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණක් ලබාසිටියදී ඉතා අවාසනාවන්ත ලෙද දුවද්දී දැවීයාමකට හසුවූ අතර අනෙක් ආරම්භක පිතිකරුවා වූ හස්රතුල්ලා සසායි ලකුණු ලබාගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට ධනංජය ද සිල්වා සමත්විය. ලකුණු 6 ක් ලබාසිටි අසාන් අලී දවාගැනීමට සුරංග ලක්මාල්ට හැකිවිය.

මෙම පිතිකරුවන් තිදෙනාගේ දැවී යාමෙන් පසු පසට වැටුණු ගාල්ල කණ්ඩායමට නැවතත් හිස එසවීමට යාපනය ස්ටැලියන්ස් පන්දු යවන්නෝ අවසර නොදුන්හ.

ආරම්භයේදීම කඩාවැටුණු ගාල්ල ග්ලැඩියේටර්ස් ඉනිම ගොඩනැගීමට භානුක රාජපක්ෂ සහ අසාම් ඛාන් අවස්ථා දෙකකදී උත්සහ කළද ෂොයිබ් මලික් සහ වනිඳු හසරංග දෙදෙනාගේ පන්දු යැවීම හමුවේ ඔවුන්ගේ එම බලාපොරොත්තුද සුනුවිසුණුවී ගියේය. භානුක රාජපක්ෂ පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් වේගවත් ලකුණු 40 ක් ලබාගත් අතර අසාම් ඛාන් පන්දු 17 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහරක් සමගින් තවත් වේගවත් ලකුණු 36 ක් රැස්කළද ඔවුන් දැවීයාමත් සමගින් ග්ලැඩියේටර්ස් පිල ඇද වැටුණි.

පසුපෙල පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට අවස්ථාවක් ලබානොදුන් ස්ටැලියන්ස් පන්දු යවන්නෝ අවසන් ඕවර 10 ලකුණු 59 කට සීමාකරමින් තවත් කඩුලු 4 ක් උදුරාගත්හ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් යාපනය ස්ටැලියන්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට සමත්විය. සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා දැවීයාමෙන් පසුව පිටියට පිවිසි නායක තිසර පෙරේරා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් යාපනය ස්ටැලියන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

අධිවේගී ඕවර 5 තුලදී ලකුණු 48 කට එක් කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් සාර්ථක ආරම්භයක් ලබාගත් මුල් පෙළ පිතිකරුවෝ යාපනය ස්ටැලියන්ස් පිල ආරම්භයේ සිටම ඔසවා තැබූහ. ස්ටැලියන්ස් පිලේ ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවන්වූ අවිශ්ක ප්‍රනාන්දු (27) සහ ජොන්සන් චාර්ල්ස් (26) ඉක්මනින් දවා ගැනීමට ගාල්ල ග්ලැඩියේටර්ස් පිලේ පන්දු යවන්නන් සමත්වුවද ෂොයිබ් මලික්, ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරා යාපනය පිල ලකුණු 180 සීමාවෙන් එපිටට ගෙනයාමට සමත්වූහ.

ෂොයිබ් මලික් පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් සහ ධනංජය ද සිල්වා පන්දු 20 කදී හයේ සහ හතරේ පහර 2 බැගින් එල්ල කර ලකුණු 33 ක් රැස්කර සිටියදී ධනංජය ලක්ෂාන්ගේ පන්දු හමුවේ දැවී ගියහ.

ලකුණු 70 කට කඩුලු 3 ක් අහිමිව තිබියදී සිවුවැනි කඩුල්ලට එක්වූ ධනංජය ද සිල්වා සහ ෂොයිබ් මලික් පන්දු 43 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් පවත්වමින් ස්ටැලියන්ස් ඉනිම ගොඩනැඟූහ.

යාපනය ස්ටැලියන්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 188
(අවිශ්ක ප්‍රනාන්දු 27, ජොන්සන් චාර්ල්ස් 26, ෂොයිබ් මලික් 46, ධනංජය ද සිල්වා 33, තිසර පෙරේරා නොදැවී 39, ධනංජය ලක්ෂාන් 36/3)

ගාල්ල ග්ලැඩියේටර්ස් – ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 135
(භානුක රාජපක්ෂ 40, අසාම් ඛාන් 36, ශොයිබ් මලික් 13/2, උස්මාන් ශින්වාරී 20/2)

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි