නවතම පුවත්

ලොව පුරා 8000ක් අභිබවමින් ලංකාවේ දිනුග ප්‍රථම ස්ථානයට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න
ලෝකයේ රටවල් 118ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් 8000කගේ පෝස්ටර් නිර්මාණ අභිබවමින් පළමු ස්ථානය දිනා ගැනීමට 5 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙකු වන දිනුග ද සිල්වා සමත් වී ඇත.

පසුගිය වසරේ ලෝක ආහාර දිනයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සංවිධානය කරනු ලැබූ මෙම පෝස්ටර් නිර්මාණ තරගයේ තේමාව වූයේ, “Our Actions are Our Future. A Zero Hunger World by 2030 is possible,” යන්නය.

එය වයස් කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්වුණු අතර දිනුග ද සිල්වා ඉදිරිපත් වූයේ, වයස අවුරුදු 5 – 8 වයස් කාණ්ඩය යටතේය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි දිනුග වයස අවුරුදු තුනේ පමණ සිටම නිවසේ බිත්ති පුරා චිත්‍ර අඳිමින් , එම විෂයට විශාල ඇල්මකින් සිටි බව ඔහුගේ දෙමව්පියන් පවසති.
, සිය දරුවා මෙම තරගයට ඉදිරිපත් වීම “අහම්බයකින්” සිදු වූවක් බවද දිනුග ගේ මව මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

. FAO Poster contest එක ගැන මම ඉන්ටර්නෙට් එකෙන් දැක්ක , පුතා බිත්තිවලත් අඳින නිසා ගෙදර ඇවිත් ඇහුවා අඳිමු ද කියලා. ඊට පස්සේ තමයි මේකට යැව්වේ අපි.” දිනුග ගේ මව වන චමිලා එදිරිසූරිය මහත්මිය පවසයි .

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි