නවතම පුවත්

ඉන්දියාවම “හොල්ලන” ගොවි අරගලය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය රජය විසින් පනවා ඇති නව කෘෂිකර්ම නීතිවලට විරෝධතාවය පළකරමින් එරට ගොවි ජනතාව ආරම්භ කර ඇති මහා අරගලය දිනෙන් දින උග්‍ර අතට පත්වෙමින් ඇත .

ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලි නගරයට එක්රැස් වෙමින් ගොවීන් ආරම්භ කර ඇති විරෝධතාවයට මේ වනවිට සති තුනක කාලයක් සැපිරී ඇති අතර , රට පුරා ප්‍රදේශ රැසකින් ගොවීන් දස දහස් ගණනින් මීට එක්වෙමින්, සහය දක්වමින් සිටිති .

විපක්ෂයේ දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ සිවිල් සංවිධාන , හා සමාජ ක්‍රියාකාරීන්ද මේ වනවිට මෙම ගොවි අරගලයට සහය දැක්වීමට ඉදිරිපත්වෙමින් සිටිම විශේෂත්වයක්ව ඇත .

ඉන්දියාවේ බිලියන 1.3ක් වන ජනගහණයෙන් 58%කගේ ජීවිකාව වන්නේ කෘෂිකර්මාන්තය යි. ඒ අනුව එරට එරට විශාලතම ඡන්ද දායකයන් කණ්ඩායම වන්නේද ගොවි ජනතාවයි . මේ කරුණු කාරනා නිසාම , වත්මන් ගොවි අරගලය ඉන්දියාවේ ප්‍රධානතම දේශපාලන ගැටලුවක් බවටද පරිවර්තනය වෙමින් ඇත .

Farmers arrive in a tractor to attend a protest at Singhu

 

ඉන්දීය ගොවීන් මෙසේ තම විරෝධය එල්ල කරනුයේ පසුගිය සැප්තැම්බර් මාසයේ බලාත්මක කරන ලද නව නීතී කිහිපයකට එරෙහිව .

මෙම නීති හරහා , අදානි ව්‍යාපාර සමූහය ඇතුළු ඉන්දියාවේ මහා පරිමාණ සමාගම්වලට සිය ගොවි බිම් අත්පත් කර ගැනීමට ඉඩ සැලසෙන බව ඉන්දීය ගොවීන්ගේ ප්‍රධානතම චෝදනාව වී ඇත .

මෙම නීතිවල අධාරයෙන් , අදානි සමූහ ව්‍යාපාරය ඇතුළු මහා පරිමාණ සමාගම් සිය ව්‍යාපාරික බලය භාවිත කොට දුප්පත් ගොවීන්ගේ කෘෂි නිෂ්පාදනවල මිල තීරණය කිරීමේ අයිතිය ද උදුරාගනු ඇතැයිද ගොවීන් සැක පළකරති .

වසර ගණනක් මුළුල්ලේ, ඉන්දිය රජය ඇතැම් කෘෂි භෝග සඳහා ඉන්දිය ගොවින් වෙත සහතික මිලක් ලබා දුන් අතර, එය ඉන්පසු භෝග චක්‍රවලට ද ආයෝජන කරන්නට හැකි වන පරිදි ක්‍රියාත්මක විය .

පෙරදී පැවැති නීතිවලට අනුව, කෘෂිකර්ම නිෂ්පාදන වෙළදසැල් කමිටුව නමින් කමිටු ක්‍රමයක් ක්‍රියාත්මක විය .
ගොවීන්ට ඔවුන් ගේ නිෂ්පාදන, ප්‍රාන්තයේ මෙම කෘෂිකර්ම නිෂ්පාදන වෙළදසැල් කමිටුවේ දී වෙන්දේසි කිරීමට හැකියාව තිබූ අතර, මෙමගින් ඔවුන්ට අවම වශයෙන් සැමවිටම රජයේ සහතික මිල ලබාගැනීමට අවස්තාව ලැබිණ . වෙන්දේසියේ මිලදී ගත හැක්කේ කාට ද යන්න පිළිබද නීති රීති ක්‍රියාත්මක වූ අතර අතවශ්‍ය භෝගවල මිල පාලනයක් ද ක්‍රියාත්මක විය .

ඉන්දීය රජයේ මෙම නව නීති හරහා , මේ කමිටු ක්‍රමය ඉවත් කෙරින . ඒ හරහා ගොවීන්ට තමා කැමැති මිලකට කැමැති අයකුට තම නිෂ්පාදන විකිණීමට හැකියාව ලැබෙනු ඇති බව රජය ප්‍රකාශ කළේය . තම භෝග සීමාවකින් තොරව විවිධ ප්‍රාන්තවලට විකිණීමට මෙන්ම , ඍජුව ම මිල දී ගැනීම් හා විකිණීම් සිදුකිරීමටද මෙමගින් අවස්තාව සැලසෙන බව ඉන්දීය රජය සඳහන් කර ඇත.
Farmers rest inside their truck during the protest at Singhu
වැඩිවන වෙළදපොළ තරගය යහපත් දෙයක් බව ප්‍රකාශ කරන එරට අගමැති මෝදි, ගොවීන්ට වැඩි ආදායමක් ලබන්නට ද, ඔවුන්ට නව අයිතිවාසිකම් සහ අවස්ථා ලබා ගන්නට ද මෙම නව නීති හේතුවනු ඇති බව සඳහන් කර තිබිණ .

“ගොවීන්, ඉන්දියාව ගෝලීය වෙළදපොළට විවෘත කරන විශාල සහ පුළුල් වෙළදපොළක වාසිය ලබා ගත යුතු යි” යනුවෙන්ද නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මෙම නීති පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර ඇත

එහෙත් ගොවීන්ගේ තර්කය වී ඇත්තේ මේ නව නීති විශාල සමාගම් තම නිෂ්පාදනවලට ඉතා පහත් මිලක් ලබා දෙන්නට හේතුවනු ඇති බවය . ඉල්ලුම ඇති කොට වැඩි මිලකට භාණ්ඩ විකිණිය හැකි වුවත්, ඉල්ලුමක් නොමැති භාණ්ඩ අතිරික්තයක් තිබෙන විට සහතික මිලටත් පහත මිලකට භාණ්ඩ විකිණීමට සිදුවනු ඇතැයිද ඔවුහු මැසිවිලි නගති .

මෙම නව නීති පිළිබඳව සිය විරෝධය පළකරමින් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ගොවි සංවිධානයක සභාපතිවරයෙකු වන ජග්දීර් සිං සඳහන් කරන්නේ මෙවැන්නකි
” සහතික මිල ඉවත් කිරීම නිසා ගොවීන් ගේ ජීවිතඅනාරක්‍ෂිත වෙනවා . මේ ගැන ගොවීන් අතර දැඩි කෝපයක් පවතිනවා,මේ හරහා අපට සහතික මිලවත් ලැබෙන්නේ නැහැ. ආරක්ෂක උපක්‍රම ඉවත් කර සමාගම්වලට ඊට ඇතුළුවන්නට ඉඩ හැරීමෙන් අප සම්පූර්ණයෙන් ම විකිණී යනවා.”

මේ වනවිට මෙම විරෝධතාවයන්හි ඇති බරපතල කම නිසාම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයද මීට මැදිහත්ව සිටී .

ඒ අනුව ,රජය යම් කඩිනම් පියවරක් නොගතහොත් ගොවි විරෝධතා හේතුවෙන් වඩාත් දැඩි බලපෑමක් ඉදිරියේදී රටට එල්ල වනු ඇතැයි ඉන්දීය ශේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත

රජය සමග පවතින සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වීම හමුවේ ඉන්දියාවේ ගොවි ජනතාව අඛණ්ඩව සිය විරෝධතාවයේනිරතවීම බරපතල තත්වයක් බවද ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වාදී ඇත .

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී යෝජනා කර ඇත්තේ විරෝධතාවට සම්බන්ධ සියලු පාර්ශව නියෝජනය වන පරිදි නියෝජිත කණ්ඩායම් පත්කර රජය සමග සාර්ථක සාකච්ඡා පවත්වා ගැටලු සමනය කර ගන්නා ලෙසයි .

Farmers eat their lunch at the Delhi-Haryana border on the outskirts of New Delhi

අදානි සහ තවත් ඉන්දියානු සමාගම් සමූහයකට අයත් සේවාවන් සහ පහසුකම් වර්ජනය කිරීමට ද විරෝධතා නායකයින්ගේ අවධානය යොමුවෙමින් ඇති අතර මහජනතාවගේ සහයද මේ වනවිට මෙම ගොවීන් වෙත ලැබෙමින් ඇත .

මේ වනවිට මෙම විරෝධතා ප්‍රචණ්ඩකාරී මට්ටමකටද පැමිණ ඇති අතර පොලීසිය විරෝධතාකරුවන්ට නගරයට ඇතුළු වීමට ඉඩ නොදෙමින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ගොවීන් වෙත එල්ල කරමින් ඇත , විරෝධතාකරුවෝද ඊට ප්‍රතිප්‍රහාර ලෙස අවස්ථා කිහිපයකදීම ගල්මුල්වලින් පොලීසියට සංග්‍රහ කළේ පොදු දේපලවලට ද හානි කරමින් බව එරට මාධ්‍ය වාර්තා කර ඇත .

ගොවි සංවිධාන 200කට වඩා නියෝජනය කරන All India Kisan Sangharsh Committee හි මාධ්‍ය සම්බන්ධීකාරක වන අශුතෝශ් මිශ්‍රාට අනුව, දස දහස් ගණනින් විරෝධතාකරුවන් නවදිල්ලියේ මායිම් තුන වටා රැස් ව සිටින අතර එක් මායිමක සිටින විරෝධතාකරුවන් කිලෝමීටර් 30ක දුරට රැස්වී සිටින බව ද දැනගන්නට ඇත .

ගොවි විරෝධතා ක්‍රියාත්මක වන්නේ කොවිඩ් 19 රෝගයට අධි අවදානම් කලාපයක් ලෙස සැලැකෙන නව දිල්ලිය , නගර ප්‍රදේශයේ වීම මම ගැටලුවේ ඇති බරපතල කම තවදුරටත් තීව්‍ර කර ඇත .

මේ ගොවි සටනට සහභාගී වෙමින් සිටියදී මියගොස් ඇති ගොවීන් සංඛ්‍යාව 21ක්‌ වන බව ඊයේ දින වනවිට එරට මාධ්‍ය වාර්තා කර තිබිණ .

“කොවිඩ් සම්බන්ධයෙන් ආරක්ෂාකාරී වන්නට අප උත්සහ දැරුවත් අපට වෙනත් ප්‍රතිකර්මයක් නැහැ – මෙය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක්,” ගොවි සංවිධාන නියෝජිතයෝ මාධ්‍ය වෙත අවධාරණය කර ඇත .

“මුළු රට ම ලොක්ඩවුන් තත්ත්වයේ සිටියදී රටට ආහාර, කිරි, සහ එළවළු ලබා දුන්නේ අප යි. ඒ වන විටත් අප පොළොව සමග පොර බදමින් සිටියා,”කොවිඩ් අතරතුර මේ නීති ගෙනවිත් අප අනතුරේ හෙළන්නේ ආණ්ඩුව” යැයි ගොවි සංවිධාන අවධාරණය කර සිටී .

ඉන්දීය ගොවීන් 23 වැනි දිනටත් බඩගින්නේ

කෙසේ වෙතත් මෙම ගොවි ගැටලුව හමුවේ ඉන්දීය රජයද යම් දරදඩු ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත.

අම්බානී සහ අදානී සමූහ සමාගම්වල නිෂ්පාදන වර්ජනය කිරීමට ගෙන යන ව්‍යාපරය පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියානු කෘෂිකර්ම අග්‍රාමාත්‍යවරයා,පසුගියදා සඳහන් කර තිබුනේ ඉන්දියාව දියුණු වෙමින් පවතින අවස්ථාවක මෙවැනි ව්‍යාපාර පසුපස සිටින පුද්ගලයින්ගේ පරමාර්ථය ගැන සොයා බැලිය යුතු බවකි .

එසේම මීට පෙර ඉන්දියානු ශ්‍රේෂඨාධිකරණය මධ්‍යම රජයට යෝජනා කර තිබුණේ, මෙම නීති ක්‍රියාත්මක කිරීම තාවකාලිව අත්හිටුවා ගොවි ජනතාව සමග සාකච්ඡා පැවැත්වීම උචිත බවය

එහෙත් මධ්‍යම රජය ඊට ප්‍රතිචාර ලෙස අවධාරණය කර සිටියේ මෙම නීති සම්පාදන ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවුවහොත් ගොවිජනතාව සාකච්ඡා සඳහා නොපැමිණෙනු ඇති බවය.

ඉන්දීය රජය මෙම ගැටලුව හමුවේ නම්‍යශීලී ප්‍රතිපත්තියක පිහිටා කටයුතු නොකිරීම ,තත්වය තවදුරටත් බරපතල කිරීමට හේතුවී ඇති බව , එරට මධ්‍යස්ථ දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත .

ඒ අනුව දෙපාර්ශවයම නම්‍යශීලී ප්‍රතිපත්ති මත සිට , සාකච්ජා ආරම්භ කර , මෙම අර්බුදයට වහා විසදුම් සොයා නොගත හොත් , එය ඉන්දියාවේ ආර්ථිකයට පමණක් නොව දේශපාලන ස්ථාවරභාවයටද  මරු පහරක් වනු ඇති බව මධ්‍යස්ථ විචාරක මතය වී ඇත .

 

 

( පැතුම් වික්‍රමරත්න )

 [email protected]

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?