නවතම පුවත්

සුවිශේෂී වෙනස්කම් “තුනක්” සමග එළඹෙන “කොරෝනාවේ” දෙවන වසර

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගෙවීයන මේ 2020 වසර පුරාම , ලෝක වාසී ඔබ අප හැමදෙනාගේම   කාලය ගෙවීගියේ  කොවිඩ් වසංගතය සමගය . වසරේ මුල් කාලය තුලදී , එසේත් නැත්නම් කොවිඩ් වසංගතය පැමිණි මුල් වකවානුවේ , වෛද්‍යවරුන් , විද්‍යාඥයින් , පමණක් නොව දේශපාලනඥයින්ද කතාකලේ මෙම වසංගතය කඩිනමින් මර්ධනය කිරීමක් පිලිබඳවය . වසංගතයේ ” වක්‍රය” පැතලි කිරීමක් ගැනය  , ” මිටි” පහර දී වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමක් ගැනය .

නමුත් කොරෝනා ව්‍යාප්තියේ පළමු මාස පහ පමණ ගතවන තැන , මෙම කියුම් කෙරුම්  සියල්ල කෙමෙන් වෙනස්වන්නට විය . කොරෝනාව මැඩලීම වෙනුවට කොරෝනාව සමග ජීවත්වීම යන සංකල්පය ඉදිරිපත්විය .

 වසංගතයෙන් ලක්‍ෂ  ගණනක් දෙනා මරුමුවට පත්වන විට ,  කෝටි ගණනින් රෝගීන් බිහිවන විට තත්වයේ  බරපතල කම සියලුදෙනාට අවබෝධ වන්නට විය. කොරෝනාව තුලින් සෞඛ්‍ය ප්‍රශ්න පමණක් නොව  ගෝලීය  වශයෙන් ආර්ථික හා සමාජයීය ගැටළුද මතුවන්නට විය  . මෙම අර්බුදකාරී වාතාවරණය අඩු වැඩි වශයෙන් මෙම වසර පුරාම ලොව පුරා දක්නට විය.

.
දැන් අප සැවොම එළඹෙමින් සිටින්නේ කොරෝනා වසංගතයේ දෙවන වසරටයි .

මේ වනවිට කොරෝනාවට එරෙහිව එන්නත් කීපයක්ම කරලියට පැමිණ තිබීම   කාගේත් සැනසිල්ලට හේතුවී ඇත . නමුත් , එම එන්නත් ලොව පුරා නිසි ලෙස බෙදීයාම පිළිබඳව ඇත්තේ බලාපොරොත්තුවක් පමණි . ඒ ගැන නිශ්චිත විසඳුමක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් පවා ඉදිරිපත්ව නොමැත .  ඒ අනුව  එළඹෙන 2021 වසරේදීද   යම් පමණකින් හෝ මෙම වෛරසය සමග ජීවත්වීමට අපට සිදුවනු නොඅනුමානය .

 

 මේ  තත්වයන් මත ,   මුව ආවරණ පැළඳීම , අත් සේදීම , මෙන්ම දුරස්ථ භාවය රැකගැනීම  වැනි  මූලික සෞඛ්‍ය පුරුදු තවදුරටත් එළඹෙන වසර පුරාද අනුගමනය කිරීමට අපට සිදුවනු ඇත

නමුත්  කොරෝනා වසංගතය,  එහි දෙවන වසරට , එනම් 2021 වසරට ගමන් කරන විට , මෙතෙක් කොරෝනාව සමග නිතැතින්ම සම්භන්ධවී තිබු, * කොරෝනා වෛරස පරීක්ෂාව , * නිරෝධායන නීති  හා * සමාජ දුරස්ථභාවය යන ප්‍රධානතම  කරුණු තුනේ කැපී පෙනෙන හා සුවිශේෂී  වෙනස්කම් සිදුවීමට නියමිතව ඇත ,

ඒ කෙසේද යන්න දැනගැනීමට ඔබ කැමතිද ? එසේනම් පහත දැක්වෙන්නේ එම සුවිශේෂී වෙනස්කම් පිළිබඳව ඔබව දනුවත්කෙරෙන තොරතුරු කිහිපයකි …

උෂ්ණත්ව මාපකය වෙනුවට රැපිඩ් ඇන්ටිජන් පර්යේෂණ කට්ටල –

 

මිලෙන් අඩු   , ලාභදායී  , විව්ධාකාරයේ   රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල හේතුවෙන් , කොරෝනා  වෛරස  පරීක්‍ෂණ ඉදිරියේදී විශාල වෙනසකට ලක්වනු නොඅනුමානය . විසල් හා නවීන පර්යේෂණාගාර තුල සිදුකෙරෙන පී සී ආර් පර්යේෂණ සමග සැසඳීමේදී මෙම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල නිරවද්‍යතාවය අඩු බව සැබෑවකි . විශේෂයෙන්ම පී සී ආර් පර්යේෂණයක් හරහා පුද්ගලයෙකුගේ සිරුරේ ඇති වෛරස අනුකොටස්  පවා හඳුනාගන්නා  නමුත් රැපිඩ් ඇන්ටිජන් කට්ටලයේ තත්වය ඊට වෙනස්ය . එම පර්යේෂණ කට්ටලය හරහා වෛරසය හඳුනාගත හැක්කේ එය ශරීරය තුල යම් ප්‍රමාණයකින්  නිෂ්පාදනය වීම ආරම්භ වූ පසුවය.

What to Know About Rapid COVID Testing | COVID Rapid Antigen Test

කෙසේ නමුත් අලුතින් නිෂ්පාදනය වන ඇතැම් අන්ටිජන් පර්යේෂණ කට්ටල හරහා විනාඩි 15 කට අඩු කාලසීමාවකදී වෛරස පරික්ෂාව සිදු කල හැකි අතර , අපගේ අත්ලටත් වඩා කුඩා ප්‍රමාණයේ අන්ටිජන් පර්යේෂණ කට්ටල මේ වනවිට වෙළඳපොළට පැමිණ ඇත . ඉදිරියේදී ඩොලර් එකක  වැනි ඉතා අඩු වියදමකින් සිදුකල හැකි රැපිඩ්  ඇන්ටිජන පර්යේෂණ කට්ටල නිෂ්පාදනය වෙනු ඇත. එසේම දැනට වඩා නිරවද්‍යතාවයෙන් ඉහල පර්යේෂණ කට්ටලද නිපදවෙනු ඇත .

මේ සුවිශේෂී හේතු නිසාවෙන් ,  2021 වසරේදී   මෙම අන්ටිජන්  කට්ටල අතිශය “ජනප්‍රිය” වනු ඇත,  ඒ අනුව ,විවිධාකාරයේ  ඉතා අඩු වියදම්  රැපිඩ් ඇන්ටිජන පර්යේෂණ  කට්ටල  කරලියට පැමිණෙනු ඇති අතර , ඒවා   වෙළඳ සල් , බස් නැවතුම් පොළ ,  ගුවන්තොටුපල ආදී ජනයා විශාල ලෙස  ගැවසෙන තැන්වල   බහුලව භාවිතයට ගැනෙනු ඇත . ඇත්තෙන්ම එවැනි ස්ථානවල මෙතෙක් භාවිතයට ගැනුණු ශරීර උෂ්ණත්ව මාපකය වෙනුවට , ඉදිරියේදී මෙම රැපිඩ් අන්ටිජන කට්ටලය ආදේශ වනු ඇත .

විවිධ ආයතන , පාසල් , කර්මාන්තශාලා ආදියෙහි මෙම  “රැපිඩ්”  කොරෝනා  පරීක්ෂණ දෛනිකව සිදුකෙරෙනු ඇත  . සෞඛ්‍ය පිලිබඳ වැඩි අවධානයක් දක්වන ඇතැම්   පුද්ගලයින් තම නිවස තුලද  දිනකට වරක් හෝ දෙවරක් මෙම ඇන්ටිජන් පරික්ෂාව පුරුද්දක් හැටියට සිදුකිරීමට පෙළඹෙනු ඇත .

මෙම පර්යේෂණ වල ප්‍රතිඵල  හරහා පමණක් , පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ශරීරගතව ඇත්ද නැත්ද යන්න සැකහැර දැනගත නොහැකි මුත් , මෙම පර්යේෂණ බහුලව ව්‍යාප්තවීම හා එය සමාජය තුල සුලභවීම හරහා වැඩි ආසාධ්තයින් සංඛ්‍යාවක් ඉතා ඉක්මනින් හඳුනාගත හැකිවනු ඇත .

මෙලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ බහුල වීම හා ඒවා නිවාස තුලම සිදුකරගැනීම හරහා අත්වන  අනිටු ඵල විපාකයන් පිළිබඳවද බොහෝ විශේෂඥයින් අනතුරු අඟවා නැත්තේ නොවේ. විශේෂයෙන්ම නිවසේදීම තමාට කොරෝනා වෛරසය ආසාධිත බව දැනගන්නා පුද්ගලයින් එය හෙළි නොකර සැඟවී සිටීමට පියවර ගතහොත් එය බරපතල ගැටළුවක් වනු ඇති බව ඔවුන් පෙන්වාදී ඇත .

එසේම ඇතැම් විට රැපිඩ් පරීක්‍ෂණයකින්  කොරෝනා රහිත බවට පෙන්නුම් කල විට ඇතැම් පුද්ගලයින් එම ප්‍රතිඵලය ගැන සම්පූර්ණ විශ්වාසය තබා හැසිරීම තුලින්ද ගැටළු මතුවිය හැකි බව ඇතැම් විශේෂඥයින් අනුමාන කරයි .

කොයි හැටි වෙතත් ලොව පුරා  සෞඛ්‍ය බලධාරීන්  බහුතරයක් විශ්වාසය පළකර සිටිනුයේ මෙසේ රැපිඩ් කොරෝනා පර්යේෂණ බහුල වීම හරහා කොරෝනා මර්ධනය වඩාත් පහසු වනු ඇති බවයි .

 නිරෝධායන කාලය  සති දෙකේ සිට එකට බසී –

නිරෝධායන කාලය සැලකීමේදී , 2021 වසරේ  බොහෝ රටවල් . ස්වීඩනය , ප්‍රංශය වැනි රටවල් ගත් පියවර අනුගමනය කරනු ඇතැයි අනුමාන කල හැක . එනම්  ස්වයං නිරෝධායන කාල සීමාව සති දෙකේ සිට සති එකට පහත හෙලීමයි .

කෙසේ වෙතත් මෙහිදී  දෙවෙනි සතිය තුලද තම ශරීරය තුල වෛරසය පැවතිය හැකි බැවින් එම සතිය තුලද යම් පමණකට ආරක්‍ෂිතව සිටීම වැදගත් බවට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙනු ඇත . විශේෂයෙන් මේ කාලය තුල  වයෝවෘද්ධ පුද්ගලයින් සමග සමීප සබඳතා නොපවත්වන ලෙසත් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙනු ඇත .How Canada enforces mandatory quarantine plan on incoming travellers | Canada Immigration News

එසේම මෙලෙස  නිරෝධායන කාලය අඩු කලද දෙවන සතිය තුල අදාළ පුද්ගලයින් හැසිරෙන ආකාරය ගැන සෞඛ්ය‍ය  අංශ අවධානයෙන් පසුවනු ඇත .

නමුත් මේ තත්වය මත , කොරෝනාව නිසා ගෙදරටම හිරවී සිටිය යුතු කාලය මෙම නව තත්වයන් තුල අඩුවනු ඇත .

සමාජ දුරස්ථ භාවයට අදාළ නීති රීති ලිහිල් වේ –

සමාජ දුරස්ථ භාවය පිලිබඳ නීති රීති හා සංචරණ සීමාවන්ද එළඹෙන වසර තුල කැපී පෙනෙන ලෙස වෙනස්වනු ඇත , ලිහිල් වනු ඇත , එනම් බොහෝ දුරට බොහෝ රටවල බලධාරීන්  මේ සම්භන්ධයෙන්  තීන්දු තීරණ  ගැනීමේ යම්  බලයක්  හා වගකීමක්  ජනතාව වෙතද  ලබාදීමට පියවර ගනු ඇත .

විශේෂයෙන්ම බොහෝ රජයයන් , තම ජනතාවට වඩාත් සරල හා මූලික උපදෙස් මාලා පමණක් නිකුත් කරනු ඇති අතර ඒවා නිසි ලෙස පිළිපැදීම හා ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනතාව වෙතම පවරනු ඇත . එහිදී දැනට පවතින දැඩි සංචරණ සීමා හා සමාජ දුරස්ත භාවයට  අදාළ දැඩි නීති ලබන වසරේදී ලිහිල් වනු ඇත .

උදාහරණයක් ලෙස ජපාන රජය අලුතින්ම  තම ජනතාව වෙත නිකුත්කර ඇති උපදෙස් මාලාවේ සාරාංශය වන්නේ

“සෙනග අතර ගැවසීම  , පුද්ගලයින් අතර ශාරීරික සමීප බව වැඩිකරන අවස්ථාන්ට යොමුවීම හා  ,සම්පූර්ණයෙන් ආවරණය වුනු ස්ථාන වල  ගැවසීම යන කරුණු වලින් ඉවත්වී සිටින්න ” යන්නයි

මෙම සරල එහෙත් වැදගත් උපෙස් මාලාව නිවැරදිව අවබෝධකරගෙන තමාගේත් , තමා අවට සමාජයේත් සෞඛ්‍ය ආරක්ෂාවන පරිදි හැසිරීමේ පූර්ණ වගකීමහා අවස්ථාව මෙහිදී ජපාන රජය විසින් ජනතාවට ලබාදී ඇත .

මීටම  සරිලන තවත් උදාහරණයක් කැනඩා වෙන් සොයා ගත හැක. එම රජය මේ වනවිට උත්සව සමය වෙනුවෙන්  ජනතාව වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාවේ ඇතුලත්ව ඇත්තේ මෙවැන්නකි .

  • සීමිත අමුත්තන් පිරිසක් හමුවන්න ,
  • කුඩා කණ්ඩායම් වශයෙන් එක්රොක් වන්න
  • එවැනි හමුවීම් කෙටි කාලසීමාවකට සීමා කරන්න
  • එසේම එවැනි හමුවීම් , බොහෝ ඉඩකඩ ඇති ස්ථාන වලදී පමණක් පවත්වන්න .

 

COVID-19 in pictures: social distancing around the world | World Economic Forum

විවිධ රටවල්වල රජයයන් මෙන්ම සෞඛ්‍ය බලධාරීන්ද අලුතින් නිකුත් කර ඇති මෙවැනි උපදෙස් මාලාවන් වලින් අපට පැහැදිලි වන්නේ කොරෝනාවේ දෙවන වසර තුල අපට , එහි පළමු වසරේදී අත්දකින්නට ලැබුණු දැඩි සංචරණ සීමාවන්ට මුහුණ දීමට සිදු නොවනු ඇති බවයි . එසේම ඒ අනුව කොරෝනාවේ දෙවන වසර, ගෙවීයන මේ  වසරට වඩා යම් පමණකින් හෝ සහනශීලී වනු ඇති බවයි .

2020 වසර පුරාම වාගේ කොරෝනාවෙන් ඇතිකළ අතිමහත්වූ මානසික පීඩාවෙන් හෙබත්ව සිටි අපට එය මහත්වූ අස්වැසිල්ලකි  , ඒ අනුව එළඹෙන 2021 නව වසරේ උදාව සතුටින් , හා නව ප්‍රාර්ථනාවන් දල්වමින්  සැමරිමේ අවස්තාව හා හැකියාව අපට උදාවී ඇත …

කෙසේ වෙතත් ඒ  නව අවුරුදු සතුටු සාදය පවා සියලු   සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් අනුගමනය කරමින් , කොරෝනා  “නව සාමාන්‍යයට” අනුකූලව  පැවැත්වීමට නම්   අමතක නොකරන්න .

The Economist සඟරාව ඇසුරෙන් .
(පැතුම් වික්‍රමරත්න )
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි