නවතම පුවත්

එස්ටීඑෆ් මෙහෙයුමකින් කහ කිලෝ 20,000ක් අල්ලයි

අසංක

අසංක

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කරන ලද මෙහෙයුමකින් කලමැටියාන ගුරුපොකුණ ධීවර වරායට ට්‍රෝලර් යාත්‍රාවකින් රැගෙන ආ කහ කිලෝ 20,000කට අධික ප්‍රමාණයක් පුද්ගලයන් පස් දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මේ මෑත කාලීනව මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම කහ තොගයයි.

මෙම ධිවර බෝට්ටුව මුහුදු ගොස් ඇත්තේ පසුගිය 15 වැනිදා 18 වැනිදා ත් අතර කාලය තුළ දී ය.

මොවුන් ඉන්දීය මුහුදු සීමාව ආසන්නයට ගිය පසුව කුඩා බෝට්ටුවලින් රැගෙන ආ කහ මෙම යාත්‍රාවට පටවා තිබේ.

මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනකු මුහුදට පැන තිබූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන පිහිනා ගොස් කුඩා බෝට්ටු තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ටෝලර් යාත්‍රා හිමිකරු බේරුවල පදිංචි පුද්ගලයෙකි.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?