නවතම පුවත්

සහරාන් කල්ලිය වගේ තවත් අන්තවාදී කල්ලියක් ගැන පොලිස්පතිට රහස් වාර්තාවක්

අසංක

අසංක

කල්මුණේ කේන්ද්‍ර කරමින් ක්‍රියාත්මක වන අන්තවාදී දේශන පවත්වන සංවිධානයක් සම්බන්ධව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කලක් සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ඊයේ (29) පොලිස්පතිවරයා වෙත රහස් වාර්තාවක් යොමු කර තිබේ.

එම අන්තවාදී දේශන කරන පුද්ගලයා වෛද්‍යවරයෙක් වන අතර ඔහු මේ වන විට එම වෘත්තිය අතහැර සැඟවෙමින් සිය දේශන කටයුතු තැන් තැන් වල සිදු කරන බව එම වාර්තාවේ සඳහන් වේ.

අදාළ පුද්ගලයා යූටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ ජාල මගින් අන්තවාදී අදහස් පළ කෙරෙන වැඩසටහන් පවත්වන අතර ඔහුට අනුගාමිකයන් 250ක් පමණ මේ වන විට සිටින බවත් ඉන් 33 දෙනකු පමණ ක්‍රියාකාරී මට්ටමේ සිටින බවත් එම වාර්තාවේ සඳහන් බව පොලිස් තොරතුරු අනාවරණය කරයි.

මෙලෙස දේශන වලට සහභාගි වන පුද්ගලයන් අක්කරෙයිපත්තුව ප්‍රදේශයට රැගෙන ගොස් සංවිධානගත වී කිසියම් පුහුණුවක් ලබාදෙන තොරතුරු ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි අංශ යොදා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර මාවනැල්ලේ හිඟුල ප්‍රදේශයෙහි පිහිටි බුදු මැදුරක ආවරණ වීදුරුවට පහර දී හානි කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඊයේ (29) මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු වාර්තා වී ඇත.

පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර එහි බෝම්බකරු සහරාන් හෂීම්ගේ කණ්ඩායම විසින් ප්‍රහාර එල්ල කරන ලද මාවනැල්ලේ බුදු පිළිම වහන්සේලා අතර ද මෙම බුදු පිලිමය ද තිබී ඇත.

එබැවින් ආරක්ෂක අංශයේ විශේෂ අවධානයක් මෙම සිද්ධිය වෙත යොමු යොමුවී ඇති අතර රජයේ රස පරීක්ෂකවරයා ද මෙම ස්ථානයට පැමිණ විමර්ශනයක් පවත්වා තිබේ.

ඊයේ උදෑසන සිට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර මෙම බිඳී ගිය වීදුරුව නැවත යථා තත්ත්වයට පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි.

ඉකුත් විසි දෙවැනි දා මාවනැල්ල පිහිටි ගල් කොරියක ගල් කැඩීමට යොදා ගැනීමට ගෙනැවිත් තිබූ ජෙලට්නයිට් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක් ගබඩා කර තිබූ ගබඩාව බිඳ දමා කිලෝ 19ක් පමණ බරැති ජෙලට්නයිට් ඇතුළු පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ද මේ වන විට වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම සොරකම සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසියට 22 වැනි දා පැමිණිල්ලක් ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ විමර්ශන භාරදී ඇත්තේ 23 වැනිදා ය.

ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයට ගියේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරයෙකු ගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් මූලික විමර්ශන පවත්වා ඇත.

එහිදී සැකයට තුඩු දුන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබේ.

එහෙත් එම සොරකම කළේ කවුරුන්දැයි නිශ්චිතව අනාවරණය වී නොමැත.

පසුගිය 24 වැනිදා දිවයිනේ සියලු දේවස්ථානවලට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබා දීමට පියවර ගැනුණේ ද මෙවැනි පසුබිමකයි

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී