නවතම පුවත්

පේපෑල් (PayPal) ළඟදීම ලංකාවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ජනප්‍රියතම  මුදල් හුවමාරු සේවාවක් ලෙස සැලකෙන පේපෑල්(PayPal) යෙදවුම ළඟදීම මෙරට තුල ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව අවධාරණය කර සිටී

මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එම සාකච්ජා ධනාත්මක තත්වයක පවතින  බවද  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මාධ්‍ය වෙත  ප්‍රකාශ කර සිටි. මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් || ADA Online

“පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව මාධ්‍ය වෙත  කියා සිටියේය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්,මහතා මෙසේද පැවසීය

“නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවුවා. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

චිරස්ථි ආර්නෝල්ඩ්

ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත”

මේ  පිළිබඳව වැඩිදුරටත්  මෙහිදී  අප  කල විමසීමකදී , අන්තර්ජාල අලෙවිකරණය පිලිබඳ උපදේශක හා කථිකාචාර්ය චිරස්ථි ආර්නෝල්ඩ් මහතා සඳහන් කර සිටියේ , පේ පෑල් වැනි ජාත්‍යන්තර විශ්වාසය දිනු මුදල් හුවමාරු සේවා මෙරටට පැමිණීම හරහා මෙරට අන්තර්ජාල අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් සිදුවනු ඇති බවයි .

” අන්තර්ජාලය මුල් කරගනිමින් ,විවිධාකාර  ව්‍යාපාර , සේවා සැපයුම් හා  හා අලෙවි කටයුතු සිදුකරන ශ්‍රී ලාංකිකයින් , බොහෝ කලක සිටම   ‘පේ පෑ ල්’ වැනි සේවා මෙරටට ගෙන එන ලෙසට  බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා  . නමුත් විවිධ බලපෑම් හේතුවෙන් එය  ප්‍රමාද වුනා . තරමක් ප්‍රමාදවී හෝ මෙවැනි සේවාවන් මෙරටට පැමිණෙනවා නම්. එය සමස්ථයක් ලෙස  මෙරට නව ව්‍යවසායක ප්‍රජාවටම විශාල සහනයක් හා සහයෝගයක් වේවි” යැයිද ආර්නෝල්ඩ් මහතා පැවසීය ..

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි