නවතම පුවත්

අමෙරිකාවේ දී නඩු වැටුණු පාස්කු සැකකරුවන්ට මෙරට තවමත් නඩු නෑ

අසංක

අසංක

ඇමරිකානු අධිකරණය යටතේ පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීම යන චෝදනාව මත නඩු පවරා ඇති ලාංකිකයන් තිදෙනා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පුද්ගලයන් තිදෙනෙක් බවත් මෙරට දී ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරෙමින් පවතින අතර ඔවුන්ට එරෙහිව මෙරටදී මෙතෙක් නඩු පැවැරීමක් සිදු වී නොමැති බවට වාර්තා වේ.

ඉන් එක් චූදිතයෙකු වන මොහොමඩ් නවුෆර් මවුලවිවරයා සහරාන් කල්ලියේ දෙවැනි ත්‍රස්ත ප්‍රහාරයේ නායකත්වය දරන පුද්ගලයා බවට තෝරාගත් තැනැත්තා බවට හඳුනාගෙන ඇති අතර ඔහු සහරාන් සිටි සමයේදී න්‍යායාචාර්යවරයෙක් ලෙස කටයුතු කර ඇත.

ඇමරිකාව නඩු පැවරූ තවත් පුද්ගලයෙකු වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් යනු සහරාන්ගේ මේ වසරේ සිදු කිරීමට නියමිතව තිබූ ප්‍රහාරයේ 2020 වසරේදී නිදහස් දිනයේ ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් උත්සවයට පහරදීමට සැලසුම් කර සිටි පුද්ගලයා යි.

ඇමරිකාව නඩු පැවරූ අනෙක් පුද්ගලයා වන්නේ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් නැමැත්තාට වන අතර ඔහු ප්‍රහාරයෙන් පසුව මක්කම වන්දනාව ගොස් එරට දී පැනයාමට සැලසුම් කර තිබූ පුද්ගලයකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට සවුදියේදී අමරිකානු එෆ්බීඅයි ආයතනය මෙරට රහස් පොලීසිය සමග එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් එරට දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. ඔහු සහරන්ගේ ත්‍රස්ත කල්ලියේ සන්නද්ධ නායකයාද වේ.

මේ තිදෙනාට එරෙහිව ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් උසාවියේදී, කුමන්ත්‍රණය කිරීම සහ විදේශීය ත්‍රස්ත සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ අමෙරිකානු නීතිපති කාර්යාලය විසින් නඩු පවරා තිබේ.

පාස්කු ප්‍රහාරයේ දී ඇමරිකානුවන් දෙදෙනෙකු ද තුවාල ලැබූ අතර මෙවන් මෙරට විමර්ශන සඳහා ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන ලද්දේ ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනයයි.

 

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ට අනුබල දුන් ලාංකිකයන් 3කට කැලිෆෝනියාවේ දී නඩු

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?