නවතම පුවත්

දෙරණ සභාපති දිලිත් ජයවීර වැඩියෙන් ආතල් අරගෙන සොයාගත්ත දේ මෙන්න

අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

දෙරණ සභාපති දිලිත් ජයවීර මහතා පසුගියදා ප්‍රසිද්ධ දේශනයක කළ කතාවක් මේ වනවිට සමාජ ජාලා ඔස්සේ වේගයෙන් පැතිර යනවා.
සතුට සොයා යන මිනිස්සු ගැනත් සතුට හා දුක ගැනත් ඔහු ඔහුගේ ජීවිතයට සමීපව ඉදිරිපත් කළ අදහස් මෙලෙස වැඩි අවධානයක් දිනා තිබෙනවා.
මේ එම කතාව.
ගස් ගල්වලට වදිමින් මිනිසුන් සතුට සොයා මේ මිනිස්සු යන අදුරු මාර්ගය වෙනුවට ඊට වඩා ප්‍රායෝගික අපි අද කිව්වොත් විද්‍යාත්මක දර්ශනයක් අදහසක් ඉදිරිපත් කළා. මගේ විශ්වාසය අද සියලු දෙනාට සතුට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ප්‍රීමත්බව ප්‍රශ්නයක් වෙලා තියෙනවා.

හැපිනස් කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ සියලු දේට විසදුම තියෙන්නෙ මේ සිද්ධාර්ථ සොයාගන්නා ලද සරල සංකල්පවලයි. ඒක තවදුරටත් ගෙනිහිල්ලා ඒ සතුට සදහා අභිධර්මය මාර්ගයේ යන්න පුළුවන්. අපිට ආතල් ඒකේ ඉන්න ඔ්න නම් ආතල් සංකල්ප තියෙන්නෙ බුද්ධාගමේ ඒ සිද්ධාර්ථ හිතපු විධිය.
මම රුපියල් 500 අරගෙන කොළඹ ආවේ. මම දෙහිවල බෝඩිමක නැවතිලා වැඩේ පටන් ගත්තම අද වෙනකම් මේ ගමන තාමත් ඉදිරියට යනවා. ඇත්තටම මම සතුටු වෙන්නෙ ලැබෙන දෙයින් නෙමෙයි ඒ සදහා කන චාටර් ඒකෙන්, නැත්නම් ආතල් එකෙන්.


මම ඔන ප්‍රසිද්ධ සභාවක කියන්නම් දෙරණ නාලිකාව සමහරවිට අද වැඩියෙන්ම උපයන ආයතනය වෙන්න පුළුවන්. නමුත් මම රුපියල් 83500 ක වැටුපක් පමණයි ගන්නෙ ඒකත් කොටහලු මගුල්ගෙවල්වලට අරවට මේවට දෙන්න තියෙන නිසා.
අවංකව මේවා කියන්නෙ මොකද මගේ විශ්වාසයක් තියෙනවා ධනය හා සතුට අතරෙ කිසි සම්බන්ධයක් නැහැ කියලා. ඊට වැඩිය ආතල් වැඩ ගොඩක් තියෙනවා. ෂුස්ති ගැසීම, නස්පුට් වෙන්න බීම, එළිවෙනකම් බයිලා කතා කරමින් සිටීම, ඒවා සාම්ප්‍රධායික බෝඩ් රූම්වල සාම්ප්‍රධායික ටයි කෝට් දාලා සාම්ප්‍රධායික සභාපතිවරයකු හැසිරෙන්න ඔන රෝල් මොඩල් ඒකේ මම නැහැ. මම ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ.
මම අනිත් අයට ආතල් දෙන්න මගේ ආතල් කඩා ගන්න කිසි සුදානමක් නැහැ.

සභාපතිවරයෙක් වෙන්නත් කැමැත්තක් තිබුණෙ නැහැ හිරේ දාන්න සුදානම් වුණ නිසා තමයි මේ සභාපතිකම ගන්න සිද්ධ වුණේ. නැත්නම් මම ඒකත් පැත්තකට වෙලා හිටියෙ.

මම ආසයි මගේ ආතල් එකට ත්‍රිවිල් එකේ යන්න, ලොකු චෙයාමන් කෙනෙක් ත්‍රිවිල් ඒකේ යනවා කියන්න නෙමෙයි. මම ආසයි පිලාවුස් එකට යන්න, මම ආසයි ලැබුනොත් ඉදලා හිටලා ජොයින්ට් එකක් අදින්න. ඒ පුරුද්දක් හැටියට නෙමෙයි. නමුත් මේක මෙහෙම අමුවෙන් කියන්නෙ නැතිව මේ අපේ සමාජයට සතුට කියන සංකල්පය ගෙනියන්න බැහැ.

අනිත් එක මට දුකක් තියෙනවා. මම හරියට අඩුවෙන් දුක් වෙන පුද්ගලයෙක්. මම සොවාන් වෙලා සක්කෘධාගාමි වෙලා නෙමෙයි ආතල් එකේම ඉදලා වැඩියෙන් ආතල් අරගෙන මම හොයාගෙන තියෙනවා.
දුක පිළිබද කතාවක් නෙමෙයි සිද්ධාර්ථ කිව්වෙ සැප පිළිබද කතාවක්. මම දකින සිද්ධාර්ථ නම් දිගින් දිගටම ආතල් ඒකේ හිටපු පුද්ගලයෙක්.
බුද්ධ චරිතය පවා මම දකින්නෙ තමන්ගෙ හැපිනස් එක වෙනුවෙන් කරපු ප්‍රොසස් ඒකේ ප්‍රතිඵලයක් හැටියට.ඒ නිසා අනෙක් අයටත් මේ සංකල්පය ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.යැයි දිලිත් ජයවීර මහතා පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්