නවතම පුවත්

මියැදුණු අපේක්‍ෂාවන්, ජිවිතයට කැන්දූ මනුසත්කාර මෙහෙයුම

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අප මෙළොවට තනිවම පැමිණියද, අප දිවිගෙවන්නේ දහසක් බැඳීම් සමඟ ය. බොහෝ විට අපව ජීවත් කරනු ලබන්නේ, ඇතැම් විට අපට අපගේ දිවි මාර්ගය උගන්වනු ලබන්නේ එම බැඳීම් ය. මෙම බැඳීම් නිර්මාණය වන්නේ අනෙකා වෙත දක්වන මානව දයාව නැත්නම් සෙනෙහසේ ප්‍රමාණය අනුවය. එවැනි වූ මානව දයාවක් පෙරදැරි කරගනිමින් ක්‍රිායත්මක වන ඩයලොග් මනුසත්කාර මෙහෙයුමේ පස්වන ක්‍රියාන්විතය, දිවියට දිරියක් අවැසි තිස්සමහාරාම ප්‍රදේශයේ පවුලක් කේන්‍ද්‍රකර ගනිමින් දියත් කිරීමට පසුගියදා යොමුවිය.

එම්. කේ. නිහාල් මහතා යනු මිරිදිය ධීවර කර්මාන්තය සිය ජීවනෝපාය කරගනිමින් තිස්සමහාරාම ප්‍රදේශයේ ජීවිත් වූ අයෙකි. මෙයට කළකට ඉහතදී වැන්දඹු පුරුෂයෙකු බවට ඔහු පත්වන්නේ ඔහුගේ ජීවිතයට තිබුණු එකම අත්වැලද ගිළිහී යාමෙනි. කුඩා දියණියක සමඟ තනිවන ඔහු ජීවිතයේ අනේක වූ දුෂ්කරතාවයන්ට සාර්ථකව මුහුණ දෙමින් පියෙකු සතු යුතුකම් ඉටුකිරීමට ඉදිරිපත් වූයේ සිය දියණිය වෙත පූර්ණ ආරක්‍ෂාවක් සහිත පරිසරයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙනි. මෙහිදී ඔහු නව නිවෙසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම පවා සැකසූයේ අපේක්‍ෂාවන් දහසක් පොදිබැද ගනිමිනි. නමුත් එක් නිමේෂයකදී ඔහු සතු එම අපේක්‍ෂාවන් ඔහුගේ ඈතට ගෙනයනු ලැබූවේ ඔහුව අනතුරකට ලක්වීමෙනි.

ඔහුගේ එක්තැන්වීම හේතුවෙන් එතෙක් ඔහු විසින් ගොඩනගාගත් සියලුම සම්පත් ඔහු සමීපයෙන් දුරස් වූයේ ප්‍රතිකාරයන් සඳහා අවශ්‍ය මුදල් සකසාගැනීම සඳහා උකසට තැබීම හේතුවෙනි. මේ අතර ක්‍රමයෙන් වැඩිවියට පැමිණි සිය දියණියගේ අධ්‍යාපනය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇතිවිය. අනාරක්‍ෂිත නිවෙස, වගේම සනීපාරක්‍ෂක පහසුකම් අවම වීම මෙන්ම තරුණියක් ලෙස ඇයගේ අපේක්‍ෂාවන් සපුරාලීමට පියෙක් ලෙස නිහාල් මහතා හට හැකියාවක් නොමැති වීම ඔහු තුළ ප්‍රබල කම්පනයක් ඇති කළේය. මෙහිදී ඔහුට ශක්තියක් වූයේ සිය මෑණියන්ය. මවක් ලෙස ඇයගේ උපස්ථාන මෙන්ම මිත්තනියක් ලෙස සිය දියණියට ඇයගෙන් ලැබෙන පෝෂණය සහ ආරක්ෂාව ඔහුට කිසියම් අස්වැසිල්ලක් ගෙනදුන්නේය. කෙතරම් බාධක මධ්‍යයේ වුවද සිය දියණිය අධ්‍යාපන කටයුතු කෙරෙහි යොමුවීම ඔහුගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් එක්කළේය. දිරියෙන් සිය රෝගී තත්ත්වයෙන් මිඳීමට අදිටන් කරගත් ඔහු වසර කිහිපයකින් සුවපත්වූවද, නැවත ඔහුට ධීවර කර්මාන්තය වෙත යොමු වීමට නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය උපකරණ නොමැති වීම හේතුවෙනි.

වර්තමානය වන විට උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කැපවෙන ඔහුට දිරියක් සැපයීම අරමුණු කරගනිමින් ඩයලොග් මනුසත්කාර මෙහෙයුම් කණ්ඩායම ඔහු හමුවූ අවස්ථාවේදී නිහාල් මහතා සිය අපේක්‍ෂා සහගත දෑසින් පැවසූයේ, “මට අපහු ධීවර කර්මාන්තය කිරීමේ ශක්තිය තියෙනවා. ඒත් මට ඒක පටන්ගන්න හැකියාවක් නැහැ. මේ වෙනකොට මගේ ඔරුව උකස් කරලයි තියෙන්නේ. මගේ දැල් ආම්පන්න වගේ දේවලුත් මට දැන් නැහැ. මේ දේවල් අරගන්න මට දැන් හැකියාවක් නැහැ. කවුරුහරි කෙනෙක් මට මේ දේවල් ලබාගන්න උදව්කකරනවා නම්, මට කිසිම කෙනෙකුට අත නොපා මගේ පවුල පෝෂණය කිරීමේ හයිය මට තියෙනවා.” යනුවෙනි.

ජීවිතය දිනන්නට අනාගතය දකින්නට වෙහෙසන මිනිසුන් වෙත හදවතින්ම දිරියක් වන ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම, නිහාල් මහතා හට සිය ජීවිකාව නැවත ආරම්භ කිරීම සඳහා උකස් කරනු ලැබූ ඔහුගේ ඔරුව එයින් නිදහස් කර අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නැවත ඔහුට ලබාදීමට කටයුතු කළ අතර, ඔහුට අවශ්‍ය ධීවර ආම්පන්නද ලබාදීමට කටයුතු කළේය. තවද ඔහුගේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මනුසත්කාර මෙහෙයුම ක්‍රියාත්මක වූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් ලැබූ ඉහළ සහාය සමග නිවස කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවීම මනුසත්කාර මෙහෙයුම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. තවද නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ මෙන්ම දියණියගේ අධ්‍යාපන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ කරගැනීම සඳහා අවශ්‍ය ස්මාර්ට් ජංගම දුරකථනයක් ආදිය ලබාදීමට ඉදිරිපත් වූ ඩයලොග් මනුසත්කාර මෙහෙයුම, ඒ ඔස්සේ නිහාල් මහතා හට දිරියක් වෙමින්, නැවත ඔහුට සිය දිවය ඇරඹීම සඳහා අවශ්‍ය ශක්තිය සැපයීමටද යොමුවිය.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී