නවතම පුවත්

ට්‍රැක්ටරෙන් කුඩු ආ හැටි ගැන නොකී කතාවක්

අසංක

අසංක

මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ පොලිස් පරීක්ෂක රංග ජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සම්පූර්ණ සටහන පහත පරිදි වේ.

——————————–

OPERATION ‘ට්‍රැක්ටර් කුඩු’

මා මේ මෙහෙයුම පිළිබඳ සමාජ ජාලා මිතුරන් දැනුවත් කරන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංසයේ සිටි අවංක ,රටට ආදරය කළ ,කුඩු කාරයන්ට විනාශය ප්‍රාර්ථනා කළ ඒ වෙනුවෙන් පැය විසිහතරම කැප වු නිළධාරින්ට උපහාරයක් සදහා මිස වෙන අරමුණු වෙනුවෙන් නොවේ . රට වෙනුවෙන් අවදානමක් නොගෙන වැඩක් නොකර සියලුම වරප්‍රසාද භුක්ති විදිමින් ,අනුන් වැඩක් කළ විට ඒකට ඊර්ෂ්‍යාව පහළ කරගත් ඇග පුරා professional jealousy නොමැති රෝගයෙන් පෙළෙන මිනිස්සු වෙනුවෙන් නොවේ . එසේම මාගේ හා මේ මෙහෙයුම් වලට දායකත්වය දුන් නිළධාරින් ගේ දරුවො කවදා හරි මේවා කියවාවි දකිවි යන්න සදහා ය.

පොලිස්පතිතුමා ගේ ඔත්තුව
*******************************
2014 වර්ෂයේ නොවැම්බර් මාස දි මාගේ අධ්‍යක්ෂ තුමා වන එවකට ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතා ඔහුගේ කාර්‍යාලයට පැමිණ හමුවන වන ලෙස කරන ලද දැනුම් දීමට අනුව මම ඔහු හමුවීය . මා වැටලීම් ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටියේය . ” රංගජිව IG සර් (ගරු පොලිස්පති ඉලංගකෝන් මහතා ) information එකක් දුන්නා මගේ අතටම සැකකටයුතු warehouse එකක පකිස්තාන් ජාතියක් කිහිපදෙනෙක් ගේ සැකකටයුතු හැසිරීමක් ගැන කැළණිය පැත්තේ ,හැබැයි එක දිලා ඇහුවා කාටද මේ mission එක භාර දෙන්නෙ කියලා ..මම කිව්වා සර් රංගජිවට දෙනවා කියලා .. IG සර් මුකුත් නොකියා ..හ්ම්..හ්ම් කිව්වා . ඒ කියන්නේ ඔයා ගැන විශ්වාසයක් තියාගෙන ඉන්නේ informant බේරා ගෙන වැඩේ කරන්න .මේ අධ්‍යක්ෂ තුමා ගේ ලැබුණ උපදෙස වීය. අදාළ ලිපිය අතට ගත්ත ද ලොකු පීඩනයක් මාහට ඇති වුයේ මෙක පොලිස්පති තුමාගේ වැඩක් නිසාය .

ආවේක්ෂන ආරම්භය
…………………………….

අදාළ warehouse එකේ ලිපිනය පිළිබඳ සොයා බැලිම සදහා මා පුද්ගලිකව කැළනි ප්‍රදේශය ගියේය . මාගේ විශ්වාසවන්ත නිලධාරීන් කිහිපදෙනෙක් මේ සදහා තෝරා ගන්න ලදී . පිලියන්දල දි වෙඩි වැදි මියගිය අබේවික්‍රම ද මගේ කංඩායමේ විය. ලැබි තිබුන ලිපිනය හමු වුවත් ඒක නිවසක් විය . එත් වැඩේ අතනොහැර දිගටම හෙව්වෙය. ඊට කිලෝමීටර්යක් දුරින් warehouse එකක් හමුවිය. එය වසා දමා ඇත . එහි හිමිකරු පිළිබඳ ආවේක්ෂන ආරම්භ කරන ලදි . ඔහු පෑලියගොඩ පදිංචි ස්ටුඩියෝවක් කරන පුද්ගලයෙක් වුහ. ඔහුගේ පැටිකිරිය හා දූරකතන විශ්ලේෂණ තොරතුරු ලබා ගත්තා ද මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව තොරතුරු නැත. මේ warehouse එක කුලියට දි ඇත බවට අනාවරණය විය . නමුත් හිමිකරු මොන ආකාරයෙ කෙනෙක් ද යන්න පැහැදිලි නැත. මේ ගැන තොරතුරු අහන එක තරමක් බයානක විය.

Continue servillance
************************
මේ warehouse එක අඛණ්ඩ ආවේක්ෂන ආරම්භ කරන ලදි. දිවා රෑ නිලධාරීන් දෙදනෙක් ඒ ආසන්නයේ රදවන ලදි . කිසිම movement එකක් නැත. මා නිලධාරීන් දෙදනෙක් රහසිගතව warehouse එකට ඇතුල් කර ground information ලබාගත්තේ ය. මාස කිහිපයකින් ප්‍රධාන දොර විවෘත කර නැත, ආරක්ෂකයන් හා ආරක්ෂක කැමරා නැත. ඇතුලේ කිසිම දෙයක් පේන්නේ නැත.
ඒ වගේ warehouse එක අවට මිනිස්සුන්ගේ උපක්‍රමිකව තොරතුරු ලබා ගන්නා ලදි . ඒවයෙන් අණාවරනය වූයේ පකිස්තාන් කාරයෝ මේ තැන සිටි බවත් කන්ටෙනර් වලින් බඩු ගෙනා බව ද ඒවා මොනවා ද යන්න තොරතුරු නොමැති බවය. ඒ අකාරයෙන් අපහැදිලි තොරතුරු මත කරන්නේ කුමක් දැයි මාහට හිතා ගන්න බැරි විය. හරි හමන් තොරතුරු නැතිව මේ warehouse එකට එකවර කඩා පැනිම නීති වීරෝධී ය. ඔත්තුකරු මගේ කෙනෙක් නොවේ .ව්‍යාපාරික ඊර්ෂ්‍යා කරුවන් බොරු තොරතුරු දිලා අහිංසක ව්‍යාපාරිකයන් අමාරුවේ දමන අවස්තා ඇත. ඔවුහුන්ට කුඩු නාමය පටබැඳ මුලු ව්‍යාපාරය මෙන්ම දරු පවුල් වලට කැත නාමය අත්කර දෙන සැලසුම් මේ බොරු තොරතුරු පොලිසීයට ලබා දීම මගින් නොමග යැවිම් සිදු විය හැක. කුඩු ජාවාරම් කළා හෝ නොකළා නමුත් නාකොටික් රේඩ් එකක් කළොත් මිනිස්සු කියන්නේ ” නාකොටික් එකෙනුත් රේඩ් කළා ඌ දියුණු වෙලා තියෙන්නේ කුඩු වලින් තමා ” ව්‍යාපාරය එතැනින්ම ඉවරය. මුලු ජිවිතේම හරි හම්බකරගත් දේවල් වලට කුඩු ගැවුන ගමන් දරුවන් ට පාරේ යන්න පවා නොහැකි ය. මෙවැනි තත්ත්වයක් කෙනෙක්ට උදා කර දීමට මා කිසිසෙත් එකග නොවන නිසා විමර්ශනය මගේ හිතට එකගව සිදුකර අවසානයේ කඩා පැනීම සිදු කිරිමට තීරණය කරන ලදි . මේ ලබා ගත්ත තොරතුරු අධ්‍යක්ෂ තුමා වන කමල් සිල්වා සර් ට දැන්වු විට ඔහුගේ ස්ථාවරය වුයේ ද එය විම නිසා මට ලොකු සහනයක් වීය .ඔහු කිව්වේ “”කලබයක් නැහැ කාලය අරන් කරන්න””. මිනිස්සු අමාරු වේ දාන්න බැහැ තව හොයන්න ,,ඒ කමල් සිල්වා මහතාගේ තීක්ෂණ නුවණ හා අත් දැකීම් .

අයුතු ඇතුල් වීම හා අනර්ථයක් සිදුවිම
*****************************************
සතියක් බලාගෙන සිටියත් කිසිම දෙයක් නොමැති නිසා මා තීරණය කළේ හොරෙන් warehouse එකට ඇතුලු වි එහි ඇත්තේ මොනවා ද යන්න හොයා බැලිමටය. අධ්‍යක්ෂ තුමා අවසර නොදෙන නිසා මේ රහසිගතව සැළසුම් කළේ ය. එක ආකාරයට අයුතු ඇතුල් වීම යන වරදට වැටෙන බව මා දන්නේ ය. එත් මේ මෙහෙයුමේ අවසානය දැකිය යුතුය . මා රාත්‍රි යේ warehouse එකේ ඉබ්බො කඩා රහසිගතව ඇතුළට ගියේය . විශාල ප්‍රමාණය ගබඩාවක් ය. මැසි ෆගර්යුෂන් 240 වර්ගයේ ට්‍රැක්ටර් 26 ක් ගාල් කර ඇත . එකින් එක පරික්සා කළ ද කිසිම සැකකටයුතු දෙයක් නැත. මාගේ වාහන දැන දැනුම බිංදුවයි. අබේවික්‍රමට මම කිව්වේ මේ ට්‍රැක්ටර් පොඩ්ඩක් බලන්න කියාය. ඒව්වා බොහොම පිලිවෙලට තිබුනේ ය. අබේවික්‍රම ටයර් වලට තට්ටු කරමින් සිට පස්සේ රියදුරු අසුන ගලවා ගියර් බොක්ස් එකේ ඇණ ගලවන ලදි . ගියර් බොක්ස් එකේ කිසිම දෙයක් නැත. එය හිස් අවකාශයක් පමණි . ඉටි බෑග් වගයක් විය. වැඩේ තෙරුම් ගියේ දැන්ය. හෙරොයින් කිලෝ 25-50ක් පැක් කර ගෙනෙවිත් ඇත. නමුත් බඩු අරගෙන ගොස් ඇත. ඉතිරි ට්‍රැක්ටර් ද එසේම විය. හිස්ය. හෙරොයින් දමාගෙන පැමිණි බෑග් වල තවම හෙරොයින් ගද ඇත. තොරතුරු හරි ය නමුත් වැඩේ පරක්කු වැඩියි .වහාම එතැනින් ඉවත්ව පැමිණ අධ්‍යක්ෂ තුමා ට දැනුම් දුන්නේ ය. “කලබල කරන්න එපා ඔය මිනිස්සු නැවතත් ඔතැනට කුඩු ට්‍රැක්ටර් අරගෙන එනවා ,එතෙක් සද්දයක් නැතිව ආවේක්ෂන කරන්න …ඒ අධ්‍යක්ෂ තුමා ගේ අත් දැකීම් හා දැනුමය. ඒ අනුව නැවත පෙර සේ ආවේක්ෂන ය ඉදිරියට .

Warehouse හිමිකරු බාරයට ගැනිම
****************************************
මෙහි හිමිකරු මා හමුවු අතර මේ ගැන අවබෝධයක් ඔහුට නැත. පුදුමයට කාරණය වන්නේ ඔහු මේක කූලියට දි ඇත්තේ පාකිස්තාන ජාතිකයෙක්ට නොව අයර්ලන්තයේ සුද්දෙක්ටය. ඔහු ගේ පාස්පොට් විස්තර ලබා ගෙන විමර්ශන කරන ලදී .හිමිකරුට මා තදින් අවවාද කළේ මේ ගැන පිටස්තර අය දැන ගැනීමට ඉඩ නොතබන ලෙස ය. මේ සුද්දා ගේ දූරකතන අංකය ලබාගෙන විස්ලේෂණ කළත් අපේ අවාසනාවට ඩයලොග් අයතනය අවශ්‍ය සහාය දුන්නේ නැත. ඒ මාස තුනක් ඉක්මවා ඇති නිසාය . නමුත් සුද්දා ගේ රියදුරු සොයාගෙන අත් අඩංගුවට නොගෙන ආවේක්ෂන තත්ත්වයේ තිබ්බේය.

Warehouse එකේ පක්කෙක්
*********************************
අපි බලාපොරොත්තු වු ආකාරයටම දිනක් පකිස්තාන් කාරයෙකු හා ලංකාවේ කෙනෙකු warehouse එකේ ඉබ්බො විවෘත කිරිමට උත්සාහ කරන බවට servillance team එකෙන් දැනුම් දෙන ලදි . මා ඔහුන් ආවේක්ෂන කරමින් ගොස් කිරිබත්ගොඩ හන්දියේ දි මේරට පුද්ගලයා වෙන්ව ගමන් කරන ලදි .ඔහු ව ආවේක්ෂන ය තවත් නිලධාරීන් බාර දු මා පාකිස්තාන ජාතිකයා පසු පස ගියේය . ඔහු ගාල මුවදොරට පැමිණ පසුව වැල්ලවත්තේ හොටෙල් එකකට පැමිණි යේය. අනෙක් නිලධාරීන් ද අර පුද්ගලයා පදිංචි ස්ථානය අණාවරනය කරගෙන තිබුණි .
දැන් අපි මහා පාරේ තැනින් තැන සිටිමින් රාත්‍රිය ගෙවා දමන්න විය. ඔහු හෝටලයෙන් ඊට පසු දා දවල් වෙන තුරු එළියට ආවේ නැත. දවල් නැවතත් ඔහු පසු පස යන්නට විය. ඒ සදහා වෙනත් නිළධාරින් යොදවන ලදි . මා හෝටලේ මැනේජර් හමුවි සහය ඉල්ලා ගෙන පකිස්තාන් කාරයගෙ කාමර ඔහුට හොරෙන් පරික්සා කරන්න විය. සැකකටයුතු දෙයක් නොවීය . ..එහෙත් අමුතු වර්ගයේ යතුරු දෙකක් හමුවුනේය. මේ ගැන අවබෝධයක් ආවේ අබේවික්‍රමට ය.(පිලියන්දල දි මියගිය ) ඔහු කිව්වේ මේ ට්‍රැක්ටර් යතුරු දෙකක් බවය. එහෙම නම් තව ට්‍රැක්ටර් දෙකක් හෙරොයින් එක්ක මග එනවා මේ පාකිස්තාන ජාතිකයා ඇවිත් තියෙන්නේ warehouse එක නැවත පිලිවෙලක් කිරිමට බැව් අවබෝධ විය. සති ගානක් වු මහන්සියේ ප්‍රථිපලයක් ලැබෙන්න ආසන්නයේ අපි .

පකිස්තාන් කාරයා ගේ අතුරුදන් වීම
***************************************
පකිස්තාන් කාරයා මේ වනවිට majesty city එකේ ඇවිදිමින් ඉන්න බවට ආවේක්ෂන කංඩායම මා දැනුවත් කරන ලදි . හවස හතට පමණ ආවේක්ෂන කංඩායම මට දැන්වුයේ අදුරත් සමග පාකිස්තාන ජාතිකයා තමන් ගේ ඇහැයෙන් මග හැරුණු බවටය . මම කලබල නොවුයේ ඇදුම් බෑගය අපි ලග නිසා ඔහු මෙතෙන්ට අනීර්වායෙන්ම එන්න ඔන නිසාය . නමුත් ඔහු ඊට පසු දින දක්වාම හෝටලයට ආවේ නැත. පසුව ගුවන් තොටුපොළ මගින් පරික්සා කිරිමේදී ඔහු මේරටින් පැන ගොස් ඇත. අපේ ආවෙක්සනයේ කොතන හෝ දූර්වලකමක් නිසා මේ දේ සිදුවුණ බවට මාගේ පිලිගැනිම වෙයි.

කුඩු ට්‍රැක්ටර් දෙක අත් අඩංගුවට
************************************
අපි බලාපොරොත්තු සහගතව තව දින කිහිපයක් බලා සිටිද්දී අධ්‍යක්ෂක තුමා මට දැනුම් දුන්නේ “බලාගෙන ඉන්න ට්‍රැක්ටර් දෙක ලංකාවට එන්නේ නැහැ පාකිස්තාන පොලිසීයේන් වරාය ඇතුලේ ද අත් අඩංගුවට අරන්, එක පාවා දිලා තියෙන්නේ වෙලේසුදා ..මිනිහාත් අල්ලාගෙන තියෙන්නේ … යනුවෙනි . හිතට කණගාටුවක් ඇතිවුනා ද සතුටක් ඇතිවුණේ රටට එන්න තිබුන කුඩු කිලෝ ගානක් අහුවුනු එකටය . ඒ ආවනම් අපේ අතටය.

පසුව මහේස්ත්‍රාත් නියෝග ලබාගෙන ට්‍රැක්ටර් 26 අත් අඩංගුවට ගෙන ඒ වායේ තිබුන සාක්ෂි රස පරික්ෂණ සදහා ඉදිපත් කර ට්‍රැක්ටර් බියගම පොලිසීයේ රදවන ලදි .

සැකකරුවෙක් නොමැති වුවත් ලංකාවට හෙරොයින් කිලෝ සියය ගනන් එන මාර්ගයක් අණාවරනය විය. එසේම විශේෂ කාර්‍ය්ය බලකාය කැළනය පෙතියාගොඩ දි අල්ලා ගන්නා ලදි හෙරොයින් කිලෝ 80 ද මේ ස්ථානයෙන් ලබා දුන් හෙරොයින් බවට අනාවරණය වෙන ලදි. මුලු ලංකාවටම හෙරොයින් බෙදා හරින්න සුදානම් වු ස්ථානක් මේසේ ලොප් විය.

රස පරික්ෂණ වාර්තාවට අනුව හෙරොයින් තැවරි ඇත . පසුව මේ ට්‍රැක්ටර් වෙන්දෙසි දාලා විකිණීමට අපි පියවර අරන් රජයට රූපියල් කෝටි ගාණක මුදලක් ලබා දිමට දායක විය .

ඉතා සුලු මුදල් ත්‍ය්යාග මුදල් ලෙස නිලධාරීන් අතරේ බෙදි යන ලදි . මාහට රූපියල් පනස්දහසක් ලබා දෙන ලදි .

පොලිසීයේ හිටපු මහත්මයෙක්
***********************************
මේ ටැක්ට්‍රර් වෙන්දේසියේ දි පොලිස් දේපාර්තමේන්තුවට ලැබුණු ත්‍යාග අරමුදලෙන් රුපියල් ලක්ෂ 05ක් වෙන් වුනේ මේ තොරතුරු ලබා දුන්න ගරු පොලිස්පති තුමා වන ඉලංගකෝන් සර් ට ය. මේ විමර්ශනය අවසන් වන විට එතුමා විශ්‍රාම ගොසින්ය . අදාළ ලක්ෂ 05ක් රැගෙන අධ්‍යක්ෂ කමල් සිල්වා සර් ඉලංගකෝන් මහතා මහතා භාර දීමට ගිය අවස්ථාවේ එතුමා බොහොම කාරුණික ත්‍යාග මුදල් භාර ගැනිම ප්‍රතික්ෂේප කරන ලදි . මේ මහන්සි වු නිලධාරීන් අතරේ මේ මුදල බෙදා හැරිමට නීතිමය බාධාවක් තිබේ නම් පොලිස් ත්‍යාග අරමුදලේ තැන්පත් කරන ලෙසත් තමන්ට අවශ්‍ය නොමැති බවත් ,තම ඔත්තුකරු පොහොසත් පුද්ගලයෙක් නිසා ඔහුට අවශ්‍ය නැති බවත් ,දැනුම් දිමට තරම් මහත්මයෙක් වීය. එතුමා ගේ පොලිස්පති සේවා කාලයා තුල ලැබුණු සියලුම ත්‍යාග හා වටිනවා භාණ්ඩ සියල්ලම පොලිසීයේ භාණ්ඩ ලේඛණයේ සටහන් කර පොලිසීයටම භාර දි විශ්‍රාම ගියේ මේ රටේ සියලුම රජයේ සේවකයන්ටම ආදර්ශයක් දෙමින් ය. විදේශ සංචාරයක් සදහා රජයෙන් ලබා දෙන සෑම ඩෝලර්යකටම බිලක් ඉදිපත් කර ඉතිරි මුදල් රජයේ ගිණුමට බැර කිරිමට කටයුතු කර ලදි. ආණ්ඩු වලින් තනතුරු ඉල්ලා ගෙන ගියේ නැත. රජයේ සේවයේ ඉන්න සමහරක් තක්කඩින් එතුමා ගෙන් ඉගෙන ගතයුතු පාඩම් බොහොම ය. හම්බු කරගත්ත දේපළ කොහොමද හම්බු කරගත්තේ කියලා පෙන්නවන්න නොහැකි ව අල්ලස් එකේ ෆයිල් තියෙන, සල්ලි පොලියට දෙන සමහර අයට ඉලංගකෝන් සර් වගේ නිලධාරීන් දැක්කාම බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා ද දන්නේ නැහැ ,මොකද කතා කරනකොට ජරාව කෑව බඩ ඉස්සරහට ඇවිත් කතා කර්න සද්දය ඇහෙන නිසා

******නාකොටික් රංගජිව *****

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි