නවතම පුවත්

කෑගල්ලේ වෙදමහතා පේරාදෙණිය දත් දොස්තරට පහරදී සිරකරලා

අසංක

අසංක

පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසකට පහර පහරදී සිර කර තැබීමක් සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා ඇතුළු පිරිසකට එරෙහිව පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් එම විමර්ශනය පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයා ඇතුළු ඔහුගේ හිතවතුන් පිරිසක් දින කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු සමග සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

පොලීසිය පවසන්නේ එහිදී ධම්මික බණ්ඩාර මහතා ඔහු විසින් නිපදවන ලද කොවිඩ් පැණිය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකදී වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කර විවේචනය කර ඇති බවයි.

එම සිදුවීම දන්ත වෛද්‍යවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබේ .

එහිදී ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ් ඖෂධය සකස්කරමින් සිටි තරුණයන් කිහිප දෙනෙකු එය දැක වෙද මහතා දැනුවත් කර ඇත.

එහිදී ධම්මික බණ්ඩාර මහතා දන්ත වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය උදුරාගෙන එම දර්ශන මකා දමා එහි ගිය පිරිසට පහරදී පැය කිහිපයක් නිවසේ සිර කර තබා ඇති බව දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසියට පොලීසියට පැමිනිල්ලක් කරමින් සඳහන් කර ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ බැවින් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත එම පැමිණිල්ල කෑගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයා වෙත යොමු කර තිබේ.

ඒ අනුව කෑගල්ල පොලිස් අධිකාරිවරයා මෙය උසස් නිලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

The colombo express මේ සම්බන්ධව සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම පහරදීම පිළිබඳ කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් පහර කෑමට ලක්වූ දන්ත වෛද්‍ය වරයාගෙන් සහ සිද්ධියට අදාළ සෙසු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි .

ඉදිරියේදී ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් දැඩි පිළිබඳ ප්‍රකාශයක් ගැනීමට නියමිත බව ඔහු කියා සිටියේය.

ඉන්පසු ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව හෙතෙම කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්