නවතම පුවත්

විදෙස් සංචාරකයින් පිළිගන්න ශ්‍රී ලංකාව සූදානම් – ආරක්‍ෂණ ක්‍රමවේද මෙන්න ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාව නැවත වරක් සංචාරකයින් සඳහා සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව දොරගුළු විවෘත කිරීමට සුදානම්ව පවතී.
ඒ අනුව ශ්‍රී ලංකාව සංචාරකයින්ට ආරක්‍ෂාව සලසන සුරක්‍ෂිත දේශයක් කරලීමට අවශ්‍ය ආරක්‍ෂණ ක්‍රමවේදයන් සියල්ල මේ වන විටත් සකසා අවසන් කර ඇත.

ඒ අනුව සංචාරක ව්‍යාපාරයේ සියළු පාර්ශවකරුවන් හා සංචාරකයින් මෙරටදී අනුගමනය කළ යුතු ආරක්‍ෂණ ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන්නාවූ ප්‍රායෝගික ගැටළුද හඳූනාගනිමින් නිසි බලධාරීන්ගේ මඟපෙන්වීමට අනුව එම ගැටළුද නිරාකරණය කර ගනිමින් සෘජුව ඉදිරි ගමනක් යාම සඳහා ශ්‍රී ලංකා සංචරණය සුදානම්ව සිටී.

අදාළ ආරක්‍ෂණ ක්‍රමවේදයන් පහත දැක්වේ .

*සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව සංචාරකයින් ශ්‍රී ලංකාවේ  රැඳී සිටිය යුතු අවම දින ගණනක් නොමැති අතර ඔවුනට ශ්‍රී ලංකාව තුල දින 03ක් හෝ දින 04 වුවද රැඳී සිටිය හැක. මෙහිදී සංචාරකයින් හට නිරා්ධානයෙන් තොර අද්දැකීමක් අත්විදීමට හැකියාව පවතී.

*දිවයිනට පැමිණීමට ප්‍රථම වෙන්කරවා ගත් හෝටල් පරිශ්‍රය තුල, පිහිණුම් තටාක, ව්‍යායාම් ශාලා, සම්බාහන මධ්‍යස්ථාන ඇතු`ථ සියළුම පහසුකම් බාධාවකින් තොරව අත්විදීමට මෙරට රැඳී සිටින කාල සීමාව තුල සංචාරකයින් හට හැකියාව ලැබෙනු ඇත.

*සංචාරක ප්‍රජාවගේ ආරක්‍ෂාව හා සෞඛ්‍ය උදෙසා ක්‍රියාත්මක කෙරෙන සුවිශේෂිත පියවරක් ලෙස දින 14ක් පුරා සෞඛ්‍ය ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව සහතික කරන ලද පළමුපෙල හෝටලයක හෝ හෝටල්වල පමණක් නැවති සිටීමට ඔවුන්ට අවස්ථාව උදාකර ඇත.

සෞඛ්‍ය ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව සහතික කරන ලද හෝටල

කොවිඩ් 19 සෞඛ්‍ය ක්‍රමවේදයන් සහ සංචාරක ක්‍රියාකාරකම් නිර්දේශයන්ට අනුකූලව මෙම හෝටල් හෝ නවාතැන් සැපයුම්කරුවන් සංචාරක නවාතැන් පවත්වාගෙන යනු ලබන අතර පෞද්ගලික විගණන සමාගමක් විසින් මෙම හෝටල් නිරතුරු ඇගයුම් තක්සේරු කිරීම් වලට භාජනය කරනු ලැබේ.

ඒ අනුව ඔවුනට  QR  කේතයන් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. මෙහිදී සංචාරකයින්ට මෙම QR  කේතය තම ස්මාට් ජංගම දූරකථනයෙන් පරිලෝකනය කිරීමෙන් එම හෝටලයේ අදාළ දත්ත දැනගත හැකි අතර එසේම හෝටලය තුල සෞඛ්‍ය නීතී කඩකිරීමක් වුවහොත් ශ්‍රී ලංකා සංචරණ ආයතනයට පැමිණිලි කිරීමට හැකියාවක්ද පවතී. තවද අවශ්‍ය වුවහොත් මෙම තොරතුරු නීතිය ඉදිරියේදී ලබා ගත් ඡායාරූප මඟින්ද සාක්‍ෂියක් ලෙස ඉදිරිපත් කල හැක.

ඉහත සියළු සඳහන් කරුණු සලකා බැලීමේදී මෙරටට පැමිණෙන සංචාරකයින් හට ශ්‍රී ලංකාව සෞඛ්‍ය ආරක්‍ෂිත හා සුරක්‍ෂිත දේශයක් ලෙස සහතික විය හැක.

සෞඛ්‍ය ආරක්‍ෂාව සහ සුරක්‍ෂි බව සහතික කරන ලද පළමු පෙලේ හෝටල.

සෞඛ්‍ය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිත බව සහතික කරන ලද හෝටල් විදෙස් සංචාරකයින් සඳහා පමණක් නවාතැන් පහසුකම් සපයනු ලබන අතර එම හෝටල් තුල දේශීය සංචාරකයින් සඳහා නවාතැන් පහසුකම්, උත්සව, භෝජන සංග්‍රහයන් හා අනෙකුත් සේවාවන් ලබා නොදෙනු ඇත.
ඒ අනුව අඅඅගිරසක්බන්ගඑර්ඩැකරැයැකකද්ට්සබ වෙතින් පළමු පෙළ සහතිකලත් හෝටල් ලැයිස්තුව ලබා ගත හැක.

 

ඡාත්‍යන්තර සංචාරකයින් සඳහා වීසා බලපත්‍ර නිකුත් කල යුතු පියවර

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන සංචාරකයින් වීසා බලපත්‍ර අයඳුම් කල යුත්තේ  අන්තර්ජාලය හරහාය.
වීසා බලපත්‍ර අයඳුම් කිරීමට පෙර විදේශීය සංචාරකයින් අනුගමනය කල යුතු පියවරයන් වනුයේ, සෞඛ්‍ය ආරක්‍ෂාව සහ සුරක්‍ෂිත බව සහතික කරන ලද හෝටල් අතුරින් හෝටලයක් වෙන්කරවා ගැනීම, PCR පරීක්‍ෂණ සඳහා පෙර ගෙවීමක් සිදු කිරීම හා අනිවාර්්‍යය කරන ලද කොව්ඩ් – 19

 

රක්‍ෂණාවරණයක් ලබා ගැනීම.

PCR පරීක්‍ෂණයක මිල අමෙරිකානු ඩොලර් 40ක් වන අතර ශ්‍රී ලංකාවේ නවාතැන් ගන්නා දින ගණන අනුව ඡක්‍ඍ පරීක්‍ෂණ ගණනද වෙනස් වනු ඇත. (උදාථ- දින 07ක සංචාරකයක් සඳහා ඡක්‍ඍ පරීක්‍ෂණ 02ක්ද සංචාරය දින 07කට වඩා වැඩිවුවහොත් ඡක්‍ඍ පරීක්‍ෂණ 03ක්ද නිර්දේශ කර ඇත.)
අනිවාර්්‍යය කොව්ඩ් – 19 රක්‍ෂණාවරණය සඳහා අමෙරිකානු ඩොලර් 12ක් වැය වේ. මෙම රක්‍ෂණාවරණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 50,000ක් වන අතර වලංගු කාල සීමාව වනුයේ මාස 01කි.
ශ්‍රී ලංකා සංචාරයට පැමිණෙන සංචාරකයින් ශ්‍රී ලංකා සංචරණයේ අනුමැතිය ලබා දී ඇති හෝටල් හෝ සංචාරක නියෝජිත ආයතන මඟින් මෙරටට පැමිණීමට ප්‍රථම තම හෝටලය වෙන්කරවා ගත යුතුය. PCR පරීක්‍ෂණය හා රක්‍ෂණාවරණය සඳහා ගෙවීම් කළ පසුව හෝටලය විසින් ලබා දෙන යොමු අංකය තම වීසා බලපත්‍රයේ දැක්විය යුතුය. එම වීසා බලපත්‍රයේ ශ්‍රී ලංකාවේ හෝටලයේ නම, ලිපිනය, සහ හෝටලයෙන් ඡක්‍ඍ පරීක්‍ෂණය සහ අනිවාර්්‍යය රක්‍ෂණාවරණය ගෙවූ විට ලබා දූන් යොමු අංකය සඳහන් කළ යුතුය.
ඉදිරියේදී වීසා නිකුත්කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයේ ජංගම යෙදවුම  මඟින් සිඳු කරනු ලබයි.

 

PCR පරීක්‍ෂණ දත්ත

සියලූ විදේශ සංචාරකයින් තම මව් රටෙන් පිටවීමට පැය 96කට පෙර බලයලත් රසායනාගාරයකින් ඡක්‍ඍ පරීක්‍ෂණයකට භාජනය විය යුතු අතර එම පරීක්‍ෂණයේ ප්‍රතිඵල සෘණාත්මක ප්‍රත්ඵලයක් විය යුතුය.
එම වාර්ථාව ශ්‍රී ලංකා ගුවන් තොටුපලේදී (කටුනායක හෝ මත්තල) පරීක්‍ෂාවට ලක් කෙරෙන අතර පෙර ගෙවුම් කරන ලද පළමු ඡක්‍ඍ පරීක්‍ෂණය හෝටලයේදී ලියාපදිංචි වීමට පෙර සිදූකෙරේ.
දෙවන PCR පරීක්‍ෂණය සිඳුකරනු ලබන්නේ ඊට දින 5 – 7ත් අතර කාලයක් තුලවේ. ඊට පෙර කිසියම් රෝග ලක්‍ෂණයක් මතු වුවහොත් එම ඡක්‍ඍ පරීක්‍ෂණය එම රෝග ලක්‍ෂණ පෙන්වන ලද දිනයේදී සිදු කිරීමට කටයුතු කරනු ලබයි.
ඉහත සඳහන් දෙවන පරීක්‍ෂණයේ ප්‍රතිඵල ධනාත්මක ප්‍රතිඵලයක් වුවහොත් එම හෝටලය තුළඳීම එම සංචාරකයා නිරෝධානයට ලක් කෙරේ. එසේ නැතහොත් අවශ්‍යතාවය පරිදි පෞද්ගලික රෝහලක හෝ තෝරාගත් හෝටලයක එම සංචාරකයා නිරෝධානය සඳහා යොමු කරනු ලබයි. මෙහි දී වැය වන මුදල වීසා ලබාගන්නා විට ලබා ගත් කොව්ඩ් – 19 රක්‍ෂණය තුළින් ආවරණය කර ගත හැක.
යම් සංචාරකයකු තම මව් රට තුලදී කොව්ඩ් – 19 එන්නත ලබා තිබුණද ශ්‍රී ලංකාවට පැමිණිමේදී එය සැලකිල්ලට නොගැනෙන අතර සියලූම සංචාරකයින් මෙම ආරක්‍ෂක විධිවිධාන වලට යටත්ව කටයුතු කල යුතුය.

 

සංචාරක ස්ථාන නැරඹීම

මෙරට සියලූ සංචාරක ක්‍ෂේත්‍රය නියෝජනය කරන පාර්ශවයන් සහ ශ්‍රී ලංකා සංචරණ ආයතනයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන ජෛව බුබුල යටතේ පහත සඳහන් සංචාරක ආකර්ෂණ ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දී ඇත.
සිංහරාජ වැසි වනාන්තරය, යාල, උඩවලව, කව්ඩුල්ල, විල්පත්තු, යන අභය භූමී ද සීගිරිය බලකොටුව, අනුරාධපුර (ජය ශ්‍රී මහා බෝධිය හැර) පොළොන්නරුව සහ මිරිස්සේ තල්මසුන් නැරඹීමද ඒ අතර වේ.
වැඩි විස්තර https://www.srilanka.travel වෙබ් අඩවිය තුලින් ලබා ගත හැක.

 

වැඩි විස්තර සඳහා විමසීම්
විදේශීය සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම පිළිබඳ යාවත්කාලීන තොරතුරු හා අනෙකුත් සංචාරක පාර්ශවයන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට https://www.srilanka.travel වෙබ් අඩවියට පිවිසිය හැක.
සුන්දර පාරාදිසයකට පැමිණෙන ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව තුල නොමැකෙන මතක සටහන් මවන අත්දැකීම් ලබා දීමටත්, ඔවුන්ගේ හා ශ්‍රී ලංකා ප්‍රජාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව හා සුරක්‍ෂිත බව ස්ථාවර කිරීමටත් සංචාරක ක්‍ෂේත්‍රයේ සේවා සපයන් හටද ආරක්‍ෂිත හා සුරක්‍ෂිත පරිසරයක් සාදා දීමටත් ශ්‍රී ලංකා සංචාරණය ගත හැකි සියළු පියවර ගනිමින් සිටී.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී